කඳුළැලි - 40

545 166 76
                                    

'මම ඒක කරයිද?' යෙහෙනි මගෙන් විමසා සිටියාය. ඇගේ දෑස් පිරී තිබුණේ බිය හා වේදනාවෙනුයි. මම ඇගේ හිස අත ගෑවෙමි. පෙරදා රාත්‍රියේ සිටම ඇය සමගින් මා රෝහලේ නතරව සිටියේ ඇගේ දරු උපතට සූදානම් වෙමිනුයි.

'මට විශ්වාසයි ඔයා ඒක කරනවා කියලා. ඔයා තමයි ලෝකේ හොඳම අම්මා වෙන්න යන්නේ යෙශ්. තව ටිකකින් අපේ බබා අපි ගාවට ආවහම...' 

රෝද පුටුවේ සිටි යෙහෙනි මගේ අත මතින් ඇගේ හිස තබා ගත්තාය. ඇයට වටපිටාව ගැන යම් අවබෝධයක් ලැබී තිබුණේ වෛද්‍ය නිලූකාගේ බෙහෙත්වල ආශ්චර්යට පින් සිදුවීමටයි. මම ඇගේ කොණ්ඩය එකතු කොට ලිහිල් පටියකින් එය බැඳ දැමුවෙමි. ගැබ් ගැනීමත් සමගින් ඇගේ හිස කෙස් යාම ඇරඹී තිබුණද ඒ හේතුවෙන් ඇගේ රූමත් බවට කිසිඳු හානියක් සිදුව නොතිබිණි. 

'මිස්ටර් ගමගේ අපි එයාව ඇතුළට ගන්නවා. ඔයාට ලේබර් රූම් ගාව ඉන්න පුළුවන් කැමති නම්.' හෙදියක් පැමිණ යෙහෙනිගේ රෝද පුටුව තල්ලු කරනා අතරේ මට පැවසුවාය. යෙහෙනි හිස හරවා මා දෙස බැලුවේ බියපත් බැල්මක් දෑසේ රඳවාගෙනයි.

'අයියේ මට බයයි.' ඇය මැතිරුවාය. 'මට මේක කරගන්න බැරි වුණොත්?' 

'නෑ නෑ ඔයාට පුළුවන්. මමත් ඉන්නවනේ ඔයා ගාව.' මම ඇගේ උරය මෘදුව මිරිකමින් ඇයව දිරිමත් කළෙමි. යෙහෙනිව ප්‍රසූතිකාගාරයට රැගෙන ගිය පසු මම එතැනට ගොස් ලී දොරටුව අසල සිට ගත්තෙමි. පැයක් පමණ ගත වූ පසු ප්‍රසූතිකාගාරය දෙසින් යෙහෙනි විලාප දෙන හඬ මට ඇසෙන්නට විය. 

'‌රිදෙනවා!' ඇය යටි ගිරියෙන් කෑ ගසන ආකාරය මට යාන්තමින් ඇසුණද දොර විවර කර ඇතුළට යාමට තරම් දිරියක් මට නොතිබිණි. 

හෙදියක් කලබලකාරී ලෙස දොර විවර කර පිටතට පැමිණියාය. විවර වූ දොරින් මා දුටුවේ යෙහෙනිගේ මුහුණයි. ඇය හඬමින් සිටියාය. හෙදිය මගේ උරයකින් අල්ලා මාව කාමරය ඇතුළට තල්ලු කළේ මම එතැනට යා යුතු බව නොකියා කියමිනි. 

'ඔයාගේ වයිෆ්නේ. යන්න ඇතුළට.' 

මම කාමරයට ඇතුල් වූයෙමි. යෙහෙනි මා දෙස බලා හඬන්නට වූවාය. 'රිදෙනවා! මාව මැරෙන්න යන්නේ.' 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now