(.33.)

383 80 14
                                    

" මූනම් මහ බූරුවෙක් "
සාක්කු තුලට දෑත් හොවාගෙන උත්සව ශාලාවේ ඈතකට ඇදෙන අවීන් දෙස බලා සිට ආශ්කා කිව්වා.

බොහෝ වෙලාවක් යනතුරු පුටුවක් මත වාඩිවී සිටි දිහස් හැමදේ ගැනම කල්පනා කරන්න වුනා. මේ සත් අවුරුද්දට මේවා සිහිනයක් වුනානම් කියලා දහස්වතාවකට වැඩිය හිතලා ඇති.

දිහස් අවීන්ව නොදැකපු මේ සත් අවුරුද්දට හිටියේ සතුටින් නෙමේ.

පුලුවන් විදියට ගමේ පන්සලට දානය පුජා කරන දිහස් මියුමිව මතක් කරනවා. ඒපිම්මට අවීන්ට කිසිම කරදරයක් නොවෙන්න , නීරෝගි වෙන්න , සාර්ථක වෙන්න යැයි කියමින් දෙවියන්ගෙන් ඉල්ලනවා.

දිහස් වේටර්වරයෙක්ගෙන් ඉල්ලගෙන බියර් වීදුරුවක් තොල ගාන්න හිතුවෙම අවීන් පැත්තකට වෙලා බොනවා දැකපු නිසයි.

ඒගමන් දිහස් තමගේ ඇස් වල කදුලු පිහගෙන මූණ හංගගන්න වගේ පහත් කරගත්තේ අඩන කොට තමන්ගේ නහය ටිකක් රතුවෙන බව මතක් වුන ගමන්මයි.

හයියෙන් ඇසෙන සංගීතය එක්ක මිනිස්සු පිස්සුවෙන් වගේ නටන්න අරන් තිබුනා. මේ කිසිම දෙයක් ගනන් නොගත් අවීන් උත්සව ශාලාවෙන් ඉවතට ගියේ කෝට් එකෙන් මොනවද හොයමින්.

" එයා කොහෙද ගියේ ? "
දිහස් එක්වර පුටුවෙන් නැගිටගෙන බලන් හිටියා.

" දිහස් මොකද්ද වුනේ ? "
යොමාල් ඇවිත් දිහස්ගේ උරහිසට අත තිබ්බා.

" අවී...... "
දිහස් අවී ගිය දිසාවට අත දිගු කරගෙන අසන කොට යොමාල් දිහස්ගේ පිටට තට්ටු කලා.

" ඕකා ශුවර් පහලට යන්න ඇත්තේ ස්මෝක් කරන්න .......දූවලා යන්න ඔයත් "
යෝමාල් කිව්ව ගමන් හැරුනු දිහස් කලබලේට තවපොඩ්ඩෙන් පුටුවක් පටලවන් වැටෙනවා.

" ආ.......ආ......සිහියෙන් යනවා..... " කියලා කිව්ව යොමාල් හිනා වෙලා හුස්මක් අරන් වටපිට බැලුවේ එයාගේ ආදරණීය බිරිද පේනමානයේ ඉන්නවද බලන්න.

දිහස් වේගයෙන් දුවන් පඩිපෙල ලගට එනකොට අවින් පඩිපෙල අවසාන හරිය ඉවරකරන ගමන් හිටියේ.

දිහස් හිමින් බහින කොට ඔහුගේ අඩි සද්දෙට හැරුනු අවීන් තමන්ගේ ගමන ටිකක් බාල කලා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now