20

795 133 42
                                    

උදේ වෙලා තේරුනේවත් නෑ. අද තමයි මගෙ නිවාඩු අන්තිම දවස. තාමත් මාව බදාගෙන නිදාගෙන ඉන්න වනිශ්ව එහාට දාලා මොනවා හරි බලලා හදන්න කියලා කුස්සියට ගියාට මෙලෝ මගුලක් නෑ.

"එර්‍රර්" බඩත් ගොර ගොර ගානවා. අරූ ගෙම්බා පොළෙ ගැහුවා වගෙ නිදි... "ඕච්... බඩගිනි..." මූණ කට හෝදගෙන මාර්කට් එකට යන්න ලෑස්ති වුනා. මොනවා නැතත් මෙහෙ අවුරුද්දක් විතර ඉන්න තරම් ඇදුම් ගෙනල්ලා.

උදේ 10ය විතර වෙනකල් එළවලු මාලු ගන්න ඇවිද්දා. කඩෙන් කනවා කියලා කන්න බෑනේ එම. අනික අර යකාගෙ ගේ ඇතුලෙ ඔක්කොම බඩු තිබ්බ නිසා උයාගෙනම කනවා කියලා හිතලා බඩුත් කරගහගෙන ගෙදරට එද්දීත් අනේ මූට යමර නින්දක්. තාම නිදි. කුස්සියට ගිහින් උයන්න හැදුවේ දවල්ටම. මොකො ඉතින් අර හැලපයා දැන් දවල්ටමනෙ නැගිටින්නෙ. මම පොලුත් ගාලා එලවලු කපනකොට වනිශ්ගෙ ෆෝන් එක රින්ග් වෙනවා එකදිගටම. මම ගිහින් ෆෝන් එකෙ බලද්දි නමට W😶 කියලා තිබ්බේ. අන්සවර් කරන්න බැරි නිසාම වනිශ්ව නැගිට්ටන්න තට්ටු කරා

"වනිශ් නැගිටින්න..."
"වනිශ්...." නැගිටලා ඇස් අඩවන් කරලා බලලම

"මගෙ වයිෆි... එන්නකො නිදාගන්න.." මගෙ ඉණෙන් අල්ලලා මූ ඇදේ ඉන්දෙව්වා

"අනේ මේ නැගිටපන් ගස් ගොබිලෝ. තෝ හිතුවද මම ගෑනියෙක් කියලා. පලයන් යන්න.. මම යනවා බෝඩිමට"
"ඒයි හබී... සොරි..."
"හබීබි ගගා ඉදාම් තොගෙ w කතා කරනවා... කවුද කියපන් ඒ.."
"අම්මා වෙන්න ඇති. මොකක්ද අනේ ආදරේන් කතා කරන්නකො.."
"ආදරේ ආදරේ පෙන්නන්න තමා මේ හදන්නෙ එහාට වෙනවා."
"බෑ..."
"වනීශ් තෝ මගෙන් බත් කනවද ගුටි කනවද?"
"ඔයාවම කන්නම් ඒයි... බලන්න ඒ ශෝට් ටිකට තියෙන සෙක්සි ලූක් එක.." මේ වලත්තයා එළියට ඇවිත් තිබ්බ කකුල අත ගාලා කිස් එකක් දුන්නා.

"තෝ නම් වලත්තයෙක් බං."
"උඹ ලග ඇයි බං මම රහත් වෙන්න ඕනේ."
"රහත් නොවුනත් සංවර වෙයන්. විරාජ්ගෙන් කාපුවා මතකනෙ.. "
"මටත් දෙන්න පුලුවන් කම තිබ්බා මම වැරදි නිසා පැත්තකට වුනේ..."
"දැන් අත්තරිනවද?"
"සුදු ගුට් මෝර්නින් කිස් එකවත්"
"දත් මැදලා එනවා මම යනවා" වනිශ්ව තල්ලු කරලා එද්දී මේ මිනිහා කෙදිරි ගානවා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now