කඳුළැලි - 41

1K 238 89
                                    

යෙහෙනි නැවත වතාවක් මානසිකව ඇද වැටෙද්දී මම නෙතිල්ගේ ඇසුරට තදින්ම ලොල් වුණෙමි. මධ්‍යම රාත්‍රිය පසුවන තුරු නිවසට යෑම පමා කළ මම නෙතිල් සමගින් ඔහුගේ නිවසේ කාලය ගත කරන්නට වූයේ යෙහෙනිව දැකීමෙන් ඇති වන පීඩනය මග හරවා ගැනීමටයි. මම නිවසේ තිබූ තොටිල්ල හා කුඩා දරුවාට ගෙනවිත් තිබූ සියලු බඩු භාණ්ඩ ගරාජයට දමා දොර අගුළු දැමූයෙමි. යෙහෙනි ‌තොටිල්ලේ එල්ලී හඬන ආකාරය මට දරාගත නොහැකි විය.

තවත් එක් සතියක සෙනසුරාදා රාත්‍රියේ මම සමාජ ශාලාවක තිබූ අසුනක වාඩි වී නෙතිල්ගේ අතක් අල්ලාගෙන සිටියෙමි. ඔහු කෙළිලොල් ලෙසින් මට විවිධ ආකාරයේ කතා පවසන්නට වූ නමුත් මට ඒ පිළිබඳව තිබුණේ අල්ප උනන්දුවකි. අවසානයේ නෙතිල් මට නර්තනය සඳහා ආරාධනා කළ විට මම පුටුවෙන් නැගී සිට ඔහුගේ අතක් අල්ලාගෙත්තෙමි. අපි දෙදෙනා නැටුම් බිමේ පොළොව මත සෙමෙන් අඩි තබමින් චලනය වීම ආරම්භ ක‌ළෙමු. නෙතිල් ඉතා ප්‍රීතියෙන් සිටි මුත් මම අඩි තැබුවේ අවසිහියෙන් මෙනි. මගේ මනස සැබැවින්ම තිබුණේ නිවසේ යෙහෙනි අසලයි. ඇයව තනිකර දමා ඒම පිළිබඳ ඇති වූ වරදකාරී හැඟීම මගේ සිත වෙළාගෙන තිබූ හෙයින් නෙතිල් කී කිසි දෙයක් හරියාකාරව මගේ සිතට නොවැටිණි.

'අයියේ?' නෙතිල් මගේ මූණට එබුණු විට මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි.

'ඇයි?'

'ඔයා මං කියන දේ අහගෙනද ඉන්නේ?'

'හ්ම්ම්.'

'ඔයා මං කියන දේ අහගෙන නෙවෙයි ඉන්නේ.'

මම නෙතිල්ගේ උරහිස මතින් අත තබා ඔහුව මගේ සිරුරට තවත් ළං කරගත්තේ ඔහු කතා කිරීම නැවැත්වීම සඳහායි. මට අවැසි වූයේ නිහඬව සංගීතයට චලනය වීමක් පමණකි. මගේ මනස චංචල වී තිබූ අතර මට එය නිසල කරගැනීමට අවැසි විය. නෙතිල්ගේ හිස මගේ උරහිස මතින් රැඳුණු අතර මම ඔහුගේ ඉණ වටා දෑත් යවා ඔහුව මගේ සිරුරට තද කරගත්තෙමි. නෙතිල්ගේ දෑත් මගේ ඉඟ වටා එතුණු විට මට දැනුණේ ශනල්ක මා අසල ඉන්නවාක් වැනි හැඟීමකි. ශනල්ක මිය ගොස් දැනට වසරක කාලයකට ආසන්න වී තිබුණේ කාලය ගෙවී ගිය බවක සේයාවක් හෝ ඉතිරි නොකරමිනි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now