23

682 123 23
                                    

වනීශ් හැමදේම අයියා වෙනුවෙන් කරා. මම වුනත් එයාට බරක් වුනාද කියලා හිතෙන තරමට මාවත් බලාගත්තා. මට ඇඩෙනවා විරාජ්ගෙ ඒ මූණ දකිනකොට. ඇත්තමයි අර වේ# ගෑණිට නම් හෙණම ගහනවා හොදට හිටිය කොල්ලට කරපු ලබ්බට. ඔලුව ටිකක් ඩැමේජ් වෙලා නිසා පොඩි පොඩියට ෆිට් එක එන්න ගන්නවා. ඩොක්ට සකුන් අයියව බාලාගත්තා අපි නැති වෙලාවට. වනීශ් නම් හෙනම හෙන හොදයි. මගෙ නංගිවයි, අයියවයි දෙන්නම බලාගත්තා. දැන් නම් ඇත්තටම හිත ඇතුලේ මහා ලොකු ආදරයක් ඒ ඇස් වෙනුවෙන් ඇදිලා. කියාගන්න බෑ අත්තරින්න බැරි තරම් ලෝභ කමක් හිතේ පැලපදියම් වෙලා.

"සස්..."
"ම්ම්ම්"
"මිනිහො කතා කරපන්කො ම්ම් හුම්ම් නොගා..."
"කියපන්කො එනම් බලන්න.."
"ලගදීම හොම්බ තලා ගන්නවා ඔය කතා කරන විදියට තෝ... මම තෝ ලව් කරන එකා බල්ලෝ..."
"ඉතින් බල්ලෝ ලව් කරන්න බෑනේ බල්ලෝ හොස්පිටල් එකෙ..."
"මේ අහන්න ජෝක් නෙවේ.."
"කියන්න ඉතින්."
"විරාජ්ව බෝඩිමේ තියන්න බෑ අපිට."
"ඇයි ඒ මමත් බෝඩිමේ ඉදන් අයියා බලාගන්නම්."
"එහෙම නෙවේ බූරුවෝ.."
"දැන් තමුසෙ කියන්නෙ මේ ගෙදරින් මාව යවන්න බැරි නිසා අයියව බලාගන්න බෑ කියලද?"
"ඔන්න කිව්වා..."
"ඇයි මොකද?"
"අර යකා තමුසෙලාගෙ බෝඩිම වටේ කැරකෙනවා. මම ඔක්කොම සෙට් කරලා පොලිසියට කිව්වා. එත් ඌගෙ ගෝල බාලයෝ ඉන්නෙ ෆට්ට වෛරෙකින්.."
"ඉතින් ඒ කියලා අපි මොකද කරන්නෙ..."
"මමත් දන්නෙ නෑ... විරාජ්ගෙ අම්මට කියන්න බෑ කොහොමත්... සස්... මේ ගෙදර ගෙමුද?"

"පිස්සුද වනීශ් මේකට ගෙනාවත් අපි වැඩට ගියාම කවුද බලාගන්නෙ.."
"ඉතින් දැන් තමුසෙගෙ බෝඩිමේ ලැග්ගා කියලා අර මල මිනි ටික අයියා බලාගනිද?" ඇත්ත මම දවස් දෙකකට පස්සෙ කියනකල් ඌන් දන්නෙ නෑ මමවත් විරාජ්වත් නෑ කියලා. එහෙම තැනක ඉදලා වැඩකුත් නෑ..
"මොකක්ද ඉතින් කරන්නෙ."
"අපි අපේ ගෙදර නවත්තමුද?"
"පිස්සුද? අම්මලා තාත්තාලා කැමති වෙයිද?"

"ආයිෂ් මෙහෙ ගේමු. එයාව බලාගන්න කෙනෙක් ගෙමු අපි නැති වේලාවට." ඇත්තටම එකම විකල්පේ එක තමයි. එත් මෙහෙට... හදිස්සියෙ මේ ගෙ දැනගත්තොත් අරුන් මගෙ අයියව පාලු ගේ ඇතුලෙම අයින් කරලා දායි.

"සස්..." ඔලුව පැලෙන්න රිදෙද්දී වනිශ් ඇදට නැගලා මගෙ ඔලුව අත ගෑවා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now