48.යක්ෂ පූසා 😈

873 144 56
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
නුඹගේ හමුවීම අහම්බයක්.....නමුදු හිමිවීම අපගේ දෛවයේ ලියා තිබූ දෙයක්.....ඉදින් හැකිද වලකන්නට නුඹ හා මා අතර ඇති ප්‍රේමය කිසිමදාකවත්....නොහැකී....ඉඩ නොදෙමි....රැක ගනිමි....සදා සුරකිමි.....මන්ද යත්....;නුඹ මගේ පමණක්ම නිසා......මගේ ප්‍රාණය නුඹම වූ නිසා.....

රත්තරනේ නුඹ මගේ පණ නිසා.....
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා......❤️
.
.
.
.
.
.
.
.
මේ තරම් කාලයක් එයා ආව ගමන ගැන කල්පනාවක හිටපු හේෂ් පැය එක හමාරක විතර ගමනකින් පස්සෙ ගෙදර ළගට ඇවිල්ලා තිබුණා.......

"සර් location එකට ආවා....."

රියදුරාගෙ හඩත් එක්කම හේෂ් වාහනෙන් බැස්සෙ අදාල ගාස්තුවත් දීලා....අත ටිකක් අමාරු වුණත් ඒ බවක් නොපෙන්වා gate එක ඇරන් හේෂ් ඇතුළට ගියේ අත තුවාල වුණාට අවීගෙන් බැනුම් අහන්න බලාගෙනමයි......අවීට මේ කිසි දෙයක් නොකිව්වත් බිග්ට කතා කරලා හැමදේම අහගන්න ඇති කියලා හේෂ් හිතුවා....හිතුවා වගේම හේෂ් ගෙට අඩිය තියනකොටම ඉනටත් අත් දෙක බැදන් අවී ඉන්නවා ඩෙවිල් සීන් එකේ 😈......ඒ ඉන්න විදියට තිබ්බ අමාරුකම් ඔක්කොම වැඩි වෙච්ච හේෂ්ගෙ කටේ කෙළත් හිදුණා......

"අවී......"

හේෂ් මොංගල් හිනාවකුත් දාලා අවී දිහා බැලුවත් අවීගෙ බැල්මෙ නම් කිසි වෙනසක් තිබ්බෙ නෑ.....

"අවී......ඔන්න mission එක success ....."

පුලුවන් තරම් ගට්ස් අරගෙන එහෙම කිව්ව හේෂ් ගියේ අවීව හග් කරන්න....මොකද එතකොට වත් ඔය නපුරු බැල්ම නැතිවෙලා යයි කියලා....ඒත් කොහෙද.....හේෂ් ළගට එද්දිම අවී පස්සට වුණා....

"Don't dare to touch me 😠.....

"අ.....අවී......මොකද මැණික මේ........?"

අවීගෙ කේන්තියට හේතුව දැන දැනත් හේෂ් ඇහුවෙ අවීව යාලු කරගන්න හිතගෙන.....ඒත් තවත් මූණ නපුරු කරගත්ත අවී හේෂ් ළගට ආවා....

"මං තමුංට කිව්වා නේද සීරීමක් වත් වෙන්න බෑ කියලා ආහ්....😠....මතක නැද්ද....බක පණ්ඩිතකමට අර උදව්වට ගිය මිනිහව තියලා වීරයා වෙන්න ගිහින් ඔය කරගෙන තියෙන්නෙ වැඩක්....😠.....කතා කරන්න එපා මාත් එක්ක 😠......mission ......මගුල තමයි 😠....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now