04.

677 158 19
                                    


සර් .ලොකු සර් ඇවිත්.

ජන්කුක් පොලිසිය ඇතුලට ඇතුල් වෙනවත් එක්කම සේවකයෙක් දුවගෙන ඇවිත් ජන්කුක්ට කිව්වා.ජන්කුක් එකපාරම පුදුම උනත් ඉක්මනට ජිමින්ටත් එන්න කියන ගමන් තමන්ට අයිතිවෙලා තියෙන කාමරේට ගියා.ඒ යනකොටත් ප්‍රධාන පොලිස්පති තුමා ජන්කුක්ගේ මේසේ ලග පිටුපාල හිටගෙන ඉන්නව..

ගුඩ් ආෆ්ටර්නූන් සර්..
එහෙම කියන ගමන් ජන්කුක් වගේම ජිමිනුත් ඔහුට සැලියුට් කරා...

මොන ගුඩ්ද අයිසේ..බලනව මේක..
එහෙම කියන ගමන් ජන්කුක්ල හිටපු පැත්තට හැරුන පොලිස්පතිතුමා තමන්ගේ අතේ තිබුන ෆයිල් එක මේසේ උඩට විසිකලා..

ඒ ෆයිල් එකේ තියෙන්නේ මොනවද කියල දන්න නිසාම කොල්ලෝ දෙන්නම ඔලු දෙක බිමට පාත් කරන් හිටියා...

දැන් බිම බලන් ඉදල වැඩක් නෑනේ..තමුසේල දෙන්න මෙහෙට පත්වීම අරන් ඇවිත් සති තුනක් නේද..ආහ්..ඒ සති තුනට පැහැරගැනීම් 70 ක් විතර සෝල් නගරේ පුරාම වෙලා තියෙනවා..තමුන්ල මේකට තාම ඇක්ෂන් එකක් ගත්තේ නැද්ද ආහ්...පොලිස්පති කේන්තියෙන් කෑ ගැහුව..

සොරි සර්...අපිට දැනගන්න ලැබුනු තොරතුරකට අනුව අද රෑට අපි පොඩි මිෂන් එකක් රෙඩි කරල තියෙන්නේ ..ඒකෙන් අපිට මේ ගැන අනිවාරෙන් තොරතුරක් දැනගන්න පුලුවන්...

හ්ම්...
බර හුස්මක් හෙලපු පොලිස්පති ආයෙත් ජන්කුක් දිහාට හැරුනා...
ජන්කුක් ...
සමාවෙන්න ඉස්සෙල්ලා තරහින් බැන්නට.මන් දන්නව ඔයා ගොඩක් දක්ෂයි කියල ..ඒක නිසා මේ ගැන ඉක්මනට හොයාගන්න ..මොකද ඔයාටත් නන්ගි කෙනෙක් ඉන්නව..මටත් දුවෙක් ඉන්නව.තේරුනාද..ඔය අරන් යන හැම කෙල්ලම කාගේ හරි දුවෙක්,අක්කෙක් ,නන්ගි කෙනෙක්..ඒක නිසා අපි මේ ප්‍රශ්නේ කොහොම හරි විසදමු .තේරුනාද...

එහෙමයි සර් ..මන් කොහොම හරි අපරාධකාරයෝ ටිකව අල්ලගන්නවමයි..

ගුඩ් ලක්..
එහෙනම් ජන්කුක් ,ජිමින් මන් ගිහින් එන්නම්..
එහෙම කියාගෙන පොලිස්පති ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දානගමන් එලියට යන්න ගියා....

පුහ්....
කටේ පුරවගත්ත හුලං පාරක් එලියට පිබපු ජන්කුක් පුටුවට වැටුනේ කොහොමද මේ ප්‍රශ්නේ විසදන්නේ කියල හිතන ගමන්...

THEY AGAIN (Completed)✅ ✅ Where stories live. Discover now