කඳුළැලි - 43

946 236 72
                                    

නෙතිල් නැවත පැමිණෙන විට දහවලට ආසන්නව තිබූ අතර ඔහු සමගින් ඔහුගේ පියා හා මවද‌ ‌‌රෝහලට පැමිණ සිටියහ. 

ඔහුගේ පියා වූ නාදන් දේහධාරී සිරුරකින් යුතු වූ අතර ඔහු මැදිවියේ පසු වූ බව ඔහුව දැකීමෙන් මට කිව හැකි විය. දමිළ ජාතිකයෙකු වුවත් ඔහු ඉතා පුරුදු ලෙස සිංහල බස හැසිරුවේය. මා සමගින් සිනාසුණු ඔහු ඇඳ අසල වූ පුටුවකින් වාඩි වූයේ ඔහුගේ බිරිඳ ඔහුගේ පසෙකින් සිට ගනිද්දීය. 

'මේ ඉන්නේ යශෝධා. මගේ අම්මා. මේ ඉන්නේ මගේ තාත්තා නාදන්.' නෙතිල් ඔහුගේ දෙමාපියන් හඳුන්වාදුන් විට මම ඔවුන් සමග අපහසුවෙන් සිනාසුණෙමි. 

මා විවාහකයෙකු වන බව නෙතිල් දැන සිටියේ නැත. මට ඔහු සමගින් තිබූ සම්බන්ධතාව අස්ථාවර එකක් බව ඔහු දැන සිටියේ නැත. නමුත් දැන් ඒ සියල්ල ඔහුට හෙළි වී ඇත්තේ ඉතාමත් ලැජ්ජා සහගත ආකාරයකිනි. මට ඔහුගේ දෙමාපියන්ට මුහුණ දීමට නොහැකි බවක් හැඟී ගියද මට කිරීමට වෙනත් කිසිවක් ඉතිරිව නොතිබිණි. 

'ඉතින් පුතා.' නෙතිල්ගේ පියා කතාව අරඹද්දී මම ඇඟිලි ඇට කඩන්නට වීමි. ඇති වූ අපහසුව කිනම් ආකාරයේදැයි කීමට මට නොහැකි විය. 

'නෙතිල් ඔයා ගැන ගොඩක් කියනවා. ඔයා ගොඩක් හොඳයිලු. ඔයා බැඳලා කියලා දැනගෙන තියෙන්නේ අද.' ඔහු පැවසුවේය. 

මම කිසිවක් නොකියා බිම බලාගත්වනම සිටියේ ඇති වූ අපහසුව මග හරවා ගැනීමටයි. 'සමාවෙන්න.' 

'ඒකට කමක් නෑ. මගේ තරුණ කාලෙත් මම ආදරේ කළේ පිරිමි ළමයෙක්ට. එයා මැරුණේ මගේ ඇස් දෙක ඉස්සරහමයි.' ඔහුගේ හඬ ශෝකබරිත වද්දී මම යන්තමින් හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.

'නෙතිඳු...' නාදන් සුසුමක් හෙළුවේය. 'එයාව බෙදාගන්න නිසල් එක්ක මම කොච්චර නම් හිතින් තරඟ කළාද.' 

නෙතිල් සිනහවක් නගා මගේ පසෙකින් හිඳගත්තේය. 'මම කිව්වේ අපේ තාත්තට ආදරේ ගැන හොඳ අත්දැකීම් තියෙනවා කියලා.' 

මම සිනාසුනෙමි. ඔහුගේ දෙමාපියන් ඉතා කරුණාවන්ත පුද්ගලයන් ලෙසයි මට හැඟී ගියේ. නෙතිල්ව රැවටුවාක් වැනී හැඟීමකින් මගේ සිත පිරී යද්දී මම අතේ ඇටයක් නැවතත් කඩා දැමුවෙමි. නෙතිල් මගේ අත අල්ලා මට එය නතර කරන ලෙස සංඥා කළේය. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now