තෙවන පරිච්ඡේදය

819 92 52
                                    

තෙවන පරිච්ඡේදය

දින දෙකක් තුනක් සාමාන්‍ය විදියට ගෙවිලා ගියා... තුන් වෙනි දවසේ හිරාන් හවස් වෙලා ගියේ මාමලගේ ගෙදර...

"අම්මා... මං මාමලගේ දිහා ගිහින් එන්නම්... "

"හදිස්සියේ ලොකූ.... "

"අර අලුත් හාදයත් ඉන්න එකේ පොඩ්ඩක් ගිහින් බලලා එන්නම් අම්මා... අහිංසක පෙනුම තිබ්බට මොක්කුද කියන්න බෑනේ.."

"අනේ අහිංසක ලමයෙක් ලොකූ.. මුකුත් කියන්න එපා..."

"ආ.... හරි හරි.. "

අම්මාගේ වදෙනුත් බේරිලා හිරාන් ගියේ ගයාන් ඇවිත්ද බලන්නත් එක්ක... තව යාලුවෙක්ගේ ගෙදරත් ගිහින්‍ රෑ 8 වගේ වෙද්දි හිරාන් මාමලගේ ගෙදර ගියා...

"මාමා.... මාමා.... "

හිරාන් ගිහින් දොරට ගහද්දී ටිකකින් මාමා දොර ඇරියා...

"ලොකු පුතා... මොකෝ මේ රෑ වෙලා... "

"නිකන් ඇවිල්ලා යන්න ආවා මාමා... "

"ආ... යමූ ඇතුලට... මං මේ කන්න කියලා හැදුවේ.. පුතා කාලද.... "

මාමා ඉස්සරහින් යද්දි හිරාන් පස්සෙන් ගියේ ගයාන්ගේ කාමරේ දිහා රබර් ඇහැ දාන ගමන්...

"ඔව් මාමා මං කෑවා.. කෝ අරූ නිදිද.... "

හිරාන් ඇහුවේ සෙටියෙන් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගන්න ගමන්...

"අනේ නෑ පුතේ.. ඒ ලමයා එද්දී රෑ 10.30 11 වෙනවා..... "

"මොකක් ඒ මොන මඟුලේ ගිහින්ද... එච්චර රෑ වෙන්නේ... "

හිරාන් ඇහුවේ ටිකක් කේන්තියෙන්..

"ඒ ළමයා ඔය රෙස්ටුරන්ට් එකක වැඩ කරලා එන්නේ... "

"මොනා කරනවද දන් නෑ... මං ඕකට කියලා දෙන්නම්කෝ අද... මාමා කාලා නිදාගන්න... මං එලියෙන් ඉන්නම්... "

හිරාන් කිව්වේ ආයේ කේන්තියෙන් පුටුවෙන් නැගිටින ගමන්...

"ලොකු පුතේ ඒ ලමයට බනින්න යන්න එපා... අහිංසක ලමයෙක්නේ.. සල්ලි නැති කමටනේ ඕවා කරන්නේ.... "

"හරි හරි මාමා ඉන්නකෝ... "

හිරාන් එහෙම කියලා එලියට ගියා.. ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවෙන් වාඩි උන හිරාන් හාන්සි වෙලා phone එක ඔබන්න ගත්තේ ගයාන් එනකන්...

අසම්මතයක් වූ ප්‍රේමයක්... (On Hold)Where stories live. Discover now