කඳුළැලි - 46

963 228 51
                                    

මම අවදිවන විට මගේ හිස ඇදුම්කමින් තිබිණි. පෙරදා රැයේ සිදු වූයේ කුමක්දැයි මට සිහියට නගා ගත නොහැකි විය. මම ඇඳේ අනෙක් පසට පෙරළුණු විට මම තිගැස්සුණෙමි. මගේ එහා පසින් යෙහෙනි ඇඳ මත වැතිරී සිටියාය. ඇගේ මුළු සිරුරම රතු පැහැ පැල්ලම් වලින් පිරී තිබුණු අතර සිදු වූයේ කුමක්දැයි වටහා ගැනීමේ උත්සාහයක මම ‌යෙදෙන්නට වූයෙමි. ‌මම ඇඳ මත හිඳගත් විට මට සිදු වූ සියල්ල වටහා ගත හැකි විය. මම රාත්‍රියේ සිදු වූ සියල්ල ගළපා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙන අතරේම පොරවනය ගෙන යෙහෙනිගේ නග්න සිරුර වැසෙන සේ පොරවාලූයෙමි. ඇය තවමත් නින්දේද නැතිනම් නින්ද ගිය විලසකින් සිටිනවාද යන්න මට වටහා ගත නොහැකි විය. මම ඇඳෙන් බැස නාන කාමරයට ගොස් වතුර මලේ ජල උෂ්ණත්වය ඉහළම අගය දක්වා වැඩි කොට එය යටින් සිට ගත්තෙමි. වතුරේ උෂ්ණත්වය මගේ සම පුළුස්සා දමද්දී මට ඒ වේදනාවෙන් සැනසීමක් දැනිණි. විනාඩි පහළවක පමණ ස්නානය කළ මම ඉන්පසුව මුළුතැන්ගෙයට ගොස් කේතලය ලිප තැබුවෙමි. පෙරදා රැයේ සිදු වූයේ කුමක් වුවත් යෙහෙනිගේ සිරුර දැකීමෙන් පසුව මම වටහා ගත්තේ මම අඩ සිහියෙන් කර තිබූ වරද නම් සමාව දිය නොහැකි දෙයක් ලෙසයි. ශීතකරණයෙන් නියුටෙලා බෝතලය ගත් මම එය දිය කර යෙහෙනි ප්‍රිය කරන නියුටෙලා කෝප්පයක් සාදා නැවතත් කාමරය දෙසට පිය නැගුවෙමි.

මම කාමරයට ඇතුළු වන විටත් ඇය අවදිව නොසිටියාය. චොකලට් කෝප්පය ‌කණ්ණාඩි මේසය මතින් තැබූ මම උගුර පෑදුවෙමි. යෙහෙනි යන්තමින් දෑස් විවර කර මා දෙස බැලුවාය. ඇගේ දෑස පිරී තිබුණේ වේදනාව හා කලකිරීම යන හැඟීම්වලිනි. පොරවනයෙන් ඇගේ ළැම පෙදෙස වසා ගත් ඇය ඇඳ මතින් හිඳගෙන මා ඇයට දිගු කළ චොකලට් කෝප්පය තොල් අතරින් තබා ගත්තාය. මා ‌දෙස බැලීමටවත් වද නොවූ ඇය නිහඬවම ‌චොකලට් කෝප්පය පානය කළාය.

'නංගි?' මම හැකිතාක් සෙමෙන් මගේ වදන් පිට කළෙමි. යෙහෙනි පිළිතුරු නොදුන්නාය. ඇය සිටියේ හැඟීම් විරහිත බැල්මකින් කෝප්පය දෙස බලාගෙනයි.

'මට තේරෙන්නේ නෑ ඊයේ රෑ මොකද වුණේ කියලා. ඒත් මට හිතාගන්න පුළුවන් මම ඔයාට ‌ගොඩක් රිද්දුවා කියලා. මට සමාවෙන්න මම ඒක දැනගෙන කළ දෙයක් නෙවෙයි.' මම පැහැදිළි කළද යෙහෙනි අවම වශයෙන් හිස ඔසවා බැලීමට හෝ වද නොවූවාය.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now