53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️

1.5K 147 151
                                    

ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ.....
.
.
.
.
අවී හේෂ් එක්කම ගිහින් වාහනේට ගොඩ වෙද්දි ඩේව් අනික් අය එක්ක රුක්ෂාන්ව අරන් ගිහින් තිබ්බා.....ඒ නිසාම දැන් වාහනේ Drive කරන්න වෙන්නෙ හේෂ්ට....වාහනේට නැගපු ගමන් හේෂ් කළේ අවීව එයාගෙ ශීට් එකට ඇදලා අරන් තුරුල් කරගනිපු එක....

"උඹ නෑ කියලා දැනගත්තම මං මැරුණෙ නැති ටික විතරයි මැණික 🥺....."

"අනේ මගෙ මහත්තයා 🥺...."

"උඹට තුවාලද බන්.....?"

අවීව ඒ මේ අත හරවන ගමන් හේෂ් ඇහුවෙ කලබලෙන්....

"අනේ නෑ මගෙ මහත්තයා .....ඔයා මහන්සි වෙලා මට උගන්නවපු හැම දෙයක්ම මං ප්‍රයෝජනේට ගත්තා....චුට්ටක් අතට විතරක් පාරක් වැදුණා එච්චරයි ...."

අවී හරිම අහිංසක විදියට එහෙම කියද්දි හේෂ් අවීගෙ මූණ දෝතට අරගෙන දෙපැත්තටම හාදු තිබ්බා....

"තුවාල නම් නෑ තමයි මැණික ....ඒත් උඹගෙ තාත්තා කියන එකා උඹගෙ රෝස කම්මුල් නම් විනාස කරලා....😠...."

කියන ගමන් හේෂ් ඒ රතු වුණ කම්මුල් වලට සීරුවෙන් හාදු දුන්නෙ අවීගෙ ඇස් කදුලින් තෙත් වෙද්දි....

"මං නපුරු වුණා වැඩිද මගෙ මහත්තයා 😭....

"ෂ්...නෑ මැණික නෑ......හැමදේම ඉවරයි මැණික ....දැන් අඩන්න එපා...උඹට ඕන නම් ගිහින් කතා කරලා එන්න...."

"ඕන නෑ මගෙ මහත්තයා ...මට ආයෙ කවදාවත්ම එයාලා එපා...මට මගෙ මහත්තයා විතරක් හිටියම ඇති...."

"ම්ම්ම්....එහෙනම් හොද ළමයා වගේ අඩන්නෙ නැතුව ඉන්න...."

"හ්ම්ම්....අනේ මහත්තයා ඇලිස් අම්මා 🥺...."

එකපාරටම ඇලිස්ව මතක් වෙලා අවී බයවෙද්දි හේෂ් අවීව තුරුල් කරන්ම ඇලිස් හොදින් කිව්වම තමයි අවීව සංසුන් වුණේ....

ඊටපස්සෙ අවීව ශීට් එකෙන් තියලා හේෂ් වාහනේ පාරට දැම්මා...ඒ අතරතුරේ හේෂ්ට මතක් වුණේ මීට ටික වෙලාවකට කලින් අවීව බේරගන්න ගිය ගමනට උදව් වුණ මාලෙ අවීට දුන්න වෙලාවෙ වුණ සිදුවීම ගැන.....

Flashback ....

.
.
"මගෙ මහත්තයා මේ මොකද මේ.....?"

"උඹව මට පරිස්සමින් බලාගන්න ඕන මැණික .....ඒකට මං මට පුලුවන් හැමදේම කරනවා....ඉතිං මේ මාලෙ ඒකට මට තව උදව් කරයි...."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now