27

636 126 24
                                    

දවස් ගානක් ගෙවිලා ගියා සතියක් වුනා එත් වනීශ් එනවා කියන පාටක් වත් තිබ්බේ නෑ. කම්පැණි එක කිව්වේ ඔඩිට් එකකට පිට ගිහින් කියලා. එත් මට ලොකුම ප්‍රශ්නෙ එක නෙවේ මේ ටිකෙම නිසාංකාත් නෑ. එනිවේ කියන්නෙ අම්මාට අසනීප නිසා එයා නෑ කියලා. මගෙ ඔලුව පටලිච්ච නූල් බෝලයක් වගෙ. විරාජ්ට දැන් වැඩට යන්න පුලුවන්  නිසාම අම්මත් ගමේ ගියා. මමයි විරාජුයි හිතුවේ මෙහෙ ඉන්න එකෙ තේරුමක් නෑ කියලා. ඉතින් අපි දෙන්නත් බෝඩිමටම ගියා. මොන දේ වුනත් ෆෝන් එකෙන් කන්ටැක් කර ගත්තේ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ එක්ක කෝල් කරනවා විතරයි ෆෝන් ඕෆ්.

"ඒ ඕයි. කෝ බං නිසා..."
"ඇයි තොට එකිව ඕනේ.."
"මම ටෝක් කරපු දවසට පස්සෙ ඉදන් ඔෆිස් නාවාම මට අවුල් යන්නෙ නැද්ද බල්ලො." මනුවා ලන්ච් එකෙදී කිව්වාම මගෙ ඇසුත් උඩ ගියා. කවුරු කාවද දැන් ටෝක් කරලා තියෙන්නෙ. බලන් යද්දී මෙතන වෙන කිසිම හත්තිලව්වක් මම දන්නෙ නෑනේ දෙයියනෙ.

"මොකක්ද තෝ කරේ."
"මටත් නිසා ගැන කැමැත්තක් තිබ්බා ඕයි. ඉතින් මම එකිගෙන් යාලු වෙන්න ඇහුවා. එදා ඉදන් එකි ලෙෆ්ට්."

හරි එනම් නිසා නොඑන්නෙ එකයි. ඇත්තටම මම හිතින් ගොඩාක් එවා හිතුවා. නිසා වනීශ් එක්ක ඇති යැයි යැයි ඉතින්. මට මොන්ගල්...

"අන්න අන්න අරකි එනවා.." නිසාව පෙන්නන ගමන් මනුජ කියද්දී මම බැලුවේ ඒ ඇගිල්ල වැටිලා තිබ්බ පැත්ත... නිසාංකා එනවා වෙනදට වඩා අද ලස්සන වෙලා... අම්මොහ් මූන් ගෙවල් වල දවසක් හිටියොත් නිළියෝ වෙලා කරළියට බහින්නෙ.

"නිසා මොකො අනේ වුනේ. අපි ඔයාව හැමතැනම හෙව්වා." මම කිව්වේ මනුජ කට ඇරියොත් ඔක්කොම ලෙෆ්‍ට්. කරලා තියෙන හරිය මදැ...

"මම නිවාඩුවක් ගත්තා අයියා..." වෙනදා වගෙම අහිංසකි මට හිනා වෙලා අපෙ ලගින් ඉදගත්තාම ඒ හිතෙ මනුජ ගැන මුකුත් නෑ කියන්න ඒ ඇස් වලින් පෙන්නුවා.

"නිවාඩුවක්. අපිට ආරංචි අම්මා අසනීප වුනා කියලා."
"ඔව් අයියා. ඒ එක්කම අම්මා මගෙ එන්ගේජ්මන්ට් එක ගන්න බල කරා."
"මොකක්..." මනුජ කෑ ගහපු කෑ ගැහිල්ලට කෙල්ල බය වෙලා උඩ විසික් වුනෙ නැති ටික විතරයි.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now