30

673 112 38
                                    

ගොඩක් දේවල් සිද්ද නොවුනත් මමයි වනියි ලස්සනට ජිවත් වුනා. ඇගිල්ලෙ තිබ්බ මුද්ද හැමෝගෙම ප්‍රශ්නයක් වෙද්දී ශේහානි වුනත් මගෙන් ඈත් වෙන්න ගත්ත මම කරපු පෙර පිනකට වෙන්න ඇති. මනුජ දෙතුන් පාරක්ම ඇහුවා කවුද ඒ කවුද කියපන් කියලා මම ඔෆිස් එකෙන් බේරිලා හිටියෙ ගොඩාක් අමාරුවෙන්. හැමෝම හිතුවේ විහාරා ගැන. මොනවා වුනත් නිසා නම් මාත් එක්ක වලියක් ගියා කවුද කියලා කියන්නෙ නෑ කියලා. අයියෝ මේ මිනිස්සුන්ව කලබන්න මගෙ ඇගිල්ලෙ මුද්ද නම් හොදටම වැඩ කරා. සැක් මූන්ටත් තමුන්ගෙ රෙදි අපුල්ල ගන්න බෑ අනුන්ගෙ රෙද්දට නම් හොට දානවා.

"සුදු..." ලාවට වැඩ අස්සෙ ඇහෙන වනීශ්ගෙ හඩට ගැස්සිලා ගියෙ වට පිටේ මිනිස්සු ඉන්නවද බලන්නෙ වත් නැතුව...

"වනිශ් පිස්සුද?"
"තමුසෙ දවල්ට කෑවේ නෑ ඕයි..."
"පෙන්නෙ නැද්ද වැඩ..."
"අනේ මේ කනවා ගිහින්. නැත්තම් රෑට කෑ ගහනවා ඊනෝ හොය හොයා."
"බල්ලෝ පෙන්නෙ නැද්ද මේවා emergency "
"තෝ දන්නවද තෝ මට ඊට වඩා emergency කියලා. පලයන් කන්න නැත්තම් මම එනවා කවන්න..."
"ඕයිෂ් යන්නම් යන්නම් ඇණේ..."
"අන්න එහෙම. මේ ස්ප්‍රයිට් එකක් ඕනෙම නම් බොනවා. එත් ස්මැක් එකක් ඊට වඩා හොදයි."

වනීශ්ගෙ කන්දෝස්කිරියාව ඉවසන්නම බැරුව මම කන්න ආවේ හිතින් ආදරේ කර කර කටින් බැන බැන. මොන පුරුද්දක්ද මන්දා මේවා...

අපි දෙන්නම දෙන්නට වැඩි වැඩියෙන් ආදරේ කරන්න කරන්න දන්නවද මම ඉන්නෙ කොහෙද? මම කාගෙද? මගෙ තැන මට අමතක වෙනවා. ඒ තරම්ම වනීශ් ආදරේයි මට.

"අයියා... ඔයා තනියම.." නිසා ලගට ඇවිත් අහද්දී වෙනදා වගෙම කටෙත් බත් පුරවන් දත් කුට්ටම පෙන්නුවා. ගෑණු ගැන කවර කතාද ලන්ශීට් එකක ඔතපු බත් එක පත්තර කොලෙත් ඔතලා ලේන්සුවකත් ඔතන් ඉන්නවා. කොහොම කෑවත් මුන්ට ඕවා යන්නෙ බඩට කියන එක තේරෙන්නෙ නෑනේ.

"නිසා මටත් නොකියා ඔයා බැන්දා නේද?"
" වෙඩින් එකට අයියට තමා මුලින්ම මම කියන්නෙ."
"එත් කොල්ලෙක් ඉන්නවා කියලාවත් නොකිව්වේ ඇයි."
"එයාව බදින එක එයා එක්ක ඉන්න එක මගෙ හීනයක් අයියා. පොඩි කාලෙ ඉදන්ම."
"පොඩි කාලේ..."
"ඔව් අපේ තාත්තිලා බිස්නස් පාට්නර් ලා. එයාගෙ හරියාකාර කැමැත්තක් තියෙනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. එත්...."
"ඇයි ඒත්..."
"මම ආදරේයි. අයියට කියන්න බැරි දෙයක් මට නෑනේ. මම එයා නිසා ඔක්කොම නැති කරගත්තා."
"එච්චර ලොකු තීරණයක් එයාගෙ කැමැත්තවත් නොදැන."
"ම්ම්ම් මෙහෙමයි අවුරුදු 2ක් වෙනවා අපිව බන්දන්න පවුල් දෙකම තීරණේ කරලා. ඉතින් ඒ කාලෙ එයා මට අකමැත්තෙන් හිටියෙ නෑ. අපි වැකේශන් වලට ගියා තනියම. එහෙම තමයි ඉතින්."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now