Special Episode ❤️‍🔥

1.2K 164 131
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
වසර දෙකකට පසු.......
.
.
.
.
.
.
.
"ඉතිං මිස්ටර් අවිනාශ් බණ්ඩාර ......අපිට කියන්නෙ නැද්ද අවුරුදක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ තරම් සාර්ථකත්වයක්.....මුලු ලෝකයක් දන්න සාර්ථක ලේඛකයෙක් වෙන්න ඔබට ශක්තියක් වුණේ කවුද කියලා.....?"

වසරේ හොදම සහ සාර්ථකම ලේඛකයාට හිමි සම්මානය ඇමරිකානු සාහිත්‍ය අමාත්‍යවරයා  අතින් අවී ලබා ගනිද්දි ඇමරිකානු ජාතික නිවේදකයා ඒ විදියට අවීට ප්‍රශ්නයක් යොමු කළා...

ඉතිං ඒ නිවේදකයට සිනහවකින් සංග්‍රහ කරපු අවී මයික්‍රපෝනය සිය අතට ගත්තා....

"ඇත්ත වශයෙන්ම මුලින්ම ගොඩාක් ස්තූතී මාව මේ තරගයට නිර්දේශ කරලා වසරේ හොදම ලේඛකයා බවට පත් කළාට....

***👏 අත්පොලසන්*****

ඉතිං ඔබ අහපු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම මම අද පිළිතුරු දෙනවා...මොකද මමත් හිටියෙ අද වගේ දවසක් මට උදා වෙනකම් තමයි....

මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්....ගොඩාක් සල්ලිකාර පවුලක බාලම දරුවා වුණේ මම.....ඒත් සල්ලිම නෙමෙයි ජීවිතේ කියන්නෙ....අන්න ඒ තැනදි මගේ දෙමාපියන්ට වැරදුණා...ලෝකෙම දන්න ලේඛකයෙක් විදියට මම අද මෙතන හිටියත් මගේ අතීතය එච්චර ලස්සන නෑ...මට ඒ ගැන කියන්න තරම් වෙලාව මදි....නමුත් මගේ ඒ කටුක අතීතෙන් මාව මුදවගෙන මට හැම සැප සම්පතක්ම දීලා මාව බලාගත්ත කෙනෙක් හිටියා....අන්න ඒ කෙනා නිසයි අද ලෝකෙට අවිනාශ් බණ්ඩාර කියන ලේඛකයා බිහිවුණේ.....

මෙච්චර කාලයක් මගේ ජනප්‍රියත්වයට හානියක් වෙයි කියලා අපේ සම්බන්ධය ප්‍රසිද්ධියට පත් කරනවට වත් එයා කැමති වුණේ නැහැ....ඒ තරම් එයා මම ගැන හිතනවා...නමුත් මට තවදුරටත් මේ ගැන ඔබෙන් සගවන්න්න අවශ්‍ය නැහැ....අපේ රටට වගේම සමහර වෙනත් රටවලට අපේ සම්බන්ධය අසම්මතයක් වෙන්න පුලුවන් ...නමුත් ඒ අසම්මතේ හරි ලස්සනයි ....ඒ මගේ හිත නැවතුණ තැන....වෙලාවකට එයා මගේ යාලුවා ,තවත් වෙලාවකට සහෝදරයා ,තවත් වෙලාවකට මගේ තාත්තා....ඉතිං ඒ තමයි මගේ හැමදේම.....මගේ ආදරණීය මහත්තයා හේෂාන් බණ්ඩාර ......

මේතාක් මගේ ගමනේ සම්පූර්ණ අයිතිය වගේම ගෞරවය හිමිවෙන්න ඕන එයට තමයි......."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now