කඳුළැලි - 48

391 139 57
                                    

මම යෙහෙනිගේ අතක් අල්ලාගෙන ඇගේ එහා පසින් හිඳගත්තෙමි. ශනල්ක මියගොස් දැන් වසරකට ආසන්න කාලයක් ගතව තිබූ අතර ඔහු නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. එක් අතකට මම ඔහුගේ මළ සිරුර නොදැකීම මට කළේ යහපතක් යැයි මට කල්පනා වූයේ මෙහන්සාගේ නිසල දේහය මට සිහිනෙන් පෙනීමට පටන් ගත් විටයි. 

'අංක දෙක.' හෙදියක් ඇමතූ විට මම යෙහෙනිගේ අතකින් අල්ලාගෙන නැගිට්ටෙමි. යෙහෙනි අඩපණව මගේ අතට වාරු වී මා සමගින් ඇතුළු වූවාය. 

අපි දෙදෙනා පැමිණ සිටියේ මාතෘ සායනයටයි. මේ වෛද්‍යවරයා මින් පෙර අපට හමු නොවූ වෛද්‍යවරයෙක් වූ නිසාවෙන් යෙහෙනි සිටියේ චකිතයෙනි. තමාට වූ සියල්ල නැවතත් හෙළි කිරීමට වේ යැයි කියමින් ඇය පසුබාන්නට වුවත් මම ඇයට බල කර ඇයවද රැගෙන පැමිණියෙමි. පෙර වතාවේ මෙන් දෙවන දරුවාද මිය යනවා දැකීමට මට අවැසි නොවීය. 

'වාඩිවෙන්න.' වෛදයවරයා කාරුණික ලෙස මටත් යෙහෙනිටත් අසුනක් පෙන්වා සිටියේය. මම යෙහෙනිව පුටුවෙන් ඉන්දවා මමද පුටුවකින් හිඳ ගත්තෙමි. 

'මොකක්ද අපේ දුවගේ නම.' වෛද්‍යවරයා කාරුණිකව විමසූ විට යෙහෙනි බියපත් බැල්මෙන් මා දෙස බැලුවාය.

'යෙහෙනි යුහන්සා සමරසිංහ.' මම පවසා සිටියෙමි.

'වයස?' 

'විසි දෙකයි.' මම පැවසූ විට වෛද්‍යවරයා ඇහිබැමක් ඔසවා යෙහෙනි දෙස බැලුවාය. 

'එතකොට ඔයාගේ නම මොකක්ද?'

'මිනිරු ගමගේ.' මම පිළිතුරු දුන්නෙමි. 

'ඔයාට වයස කීයද?' වෛද්‍යවරයා සැක සහිත ලෙස මගෙන් විමසා සිටියේය.

'විසි පහයි.' 

'ස්කෑන් එක කරලා බලමු. දුව අර නර්ස් එක්ක ගිහින් ඒකට ලෑස්ති වෙන්නකෝ.' වෛද්‍යවරයා යෙහෙනිට පවසා සිටියේ එතැනට පැමිණි හෙදියක් අතින් පෙන්වමිනි. 

යෙහෙනි මගේ අත අතහැර හෙදිය පසුපසින් අනෙක් කාමරයට පිටව යද්දී මම ඇය දෙස බලා සිටියෙමි. වෛද්‍යවරයා උගුර පාදා මා දෙස බැලුවේය. 

'ඔයා එයාගේ හස්බන්ඩ්ද?' ඔහු විමසා සිටි විට මම එය අනුමත කරන්නට හිස වැනුවෙමි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now