~=අම්බර 28=~

638 81 56
                                    

චන්ද්‍රන්ථයේ උදාවට සෑම සියුලු දෙනාම උත්සවශ්‍රියේන් සූදානම් වද්දි, වාධයූ සිටුමැදුරේ ස්තාලය , උදෑසනින්ම මනුශ්‍ය සුසුමින් පිරී ගොසිනි. සසධාර් ස්තාලයේ වූ දුඹුරු පැහැ ශක්තිමත් වෙළඹ මෘදුව පිරිමැද්දේ ය. ඉදින් පෙර කතිකාකොට ගෙන තිබූ අයුරින් , දෙකුමරුවන් හා ආලකපුර සැරසැරීමට ඔහුට සිදුව තිබුණි. උදෑසන භෝජනය අවසන් නම් , ඉදින් නිසැකවම ආයුධාන මෙහි පැමිණෙන වග හේ දැන සිටියේ ය. ඉදින් සසධාර්ගේ මේ රැදී සිටීම ආයුධාන වෙනුවෙන් විය. ස්තාල ප්‍රවේශ ද්වාරය දෙසින් ඇසුණු පියවර හඩ සවන් වැකීගත් ඇසිල්ලේ සසධාර් දුඹුරු පැහැ වෙළඹගෙන් මදකට ඉවත් වූයේ ය. ඉදින් සසධාර්ගේ උද්යෝගය හා උනන්දුව මුවෙහි රැදී ඇති සිනහාවෙන්ම ඕනෑම අයෙකුට පෙනේ. ඉදින් නිශාඛ්‍යගේ ස්වරුපයට අනුව ඔහුගේ කෙස් රැලි මුහුණ පුරා වැටී මුහුණ සගවා තිබුණද උද්යෝගය පිරි උණුසුම් සිනහව නම් තවදුරටත් කිසිදු සැගවීමකට යටත් නොවී ය.ඉදින් මේ සියල්ල මෙතනින් නිමා කර දැමිය යුතු විය.

'' හහ්ම්..'' සසධාර් ආයුධානගේ පූර්ණ අවධානය දිනාගනු වස් සිය උගුර පැදුවේ ය. ඔහුගේ උදාසීන දෑස් සන්සුන්ව තමා දෙසට එල්ලවනු හේ බලා සිටියේ ය.ඉදින් එහි දෑස් පිල්ලමක වුව සසධාර් නොරිස්සන තරමේ සන්සුන් බවක් විය.

'' ආහ්..වාග්ෂස.. '' සසධාර් නිවැරදිව හදුනාගත්තේ තමා කෙරේම විස්මයට පත් වෙමිනි. ඉදින් සැබෑ ය. පෙරදී කෙතරම් අපහසු වූයේ ද ඔවුන් වෙන් කොට හදුනාගැනීම ? නැත.. දැන් එය ඒ තරමින්ම පහසුය.. අයුධානගේ මෙන් නොඉවසිලිමත් විශාල දෑසක් වාග්ෂසට කොහෙත්ම නැත. තිබුණද එය සසධාර්ට පෙනුනේද නැත. ආයුධාන සේ කලබලකාරී බවක් වාග්ෂසගේ නැත. එබැවින් වාග්ෂස කිසිදු වැදගැම්මකට නැති උදාසීනයෙකු මෙනි ය. ආයුධානගේ දෑත්වලසේ වාග්ෂසගේ දෑත්වල නහරයන් ඉපිලී තිබුණේද නැත. කෙතරම් සුන්දරද ආයුධානගේ හස්තයන් ? වාග්ෂසට එවැනි කලාත්මක දෑතක් නැත.

'' කිමද නුඹේ බලාපොරොත්තු සුන් වුවාවත්ද ? '' වාග්ෂස දැඩි හඩින් ප්‍රශ්න කළේ තමා ස්තාලයට ඇතුළු වූ ඇසිල්ලේ නිශාඛ්‍යගේ මුහුණෙහි වූ උද්යෝගය තමා වාග්ෂස වග හදුනාගත් මොහොතේ හිරු දුටු පිනිවලටද වඩා වේගයෙන් අතුරුදන්වනු සිය තියුණු දෑසට නිරීක්ෂණය වු බැවිනි. සසධාර් කිසිවක් නොපවසා සිතාමතා සිය කෙහෙරැලිවලින් මුහුණ සගවාගත්තේ වාග්ෂසව නොතකමිනි.ඉදින් හේ සිටුමැදුරේදි හැකි තරමින් වාග්ෂස මගහැරියේ ය. වාග්ෂසගේ හැකියාවන් පිළිබද සසධාර් හොදින්ම දැනුවත් විය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now