තමන්ගෙ ශක්තිය එලියට පැමිණි නිසාත් අන්තිමට හෝ තමන්ගෙ අරමුණ ඉෂ්ට කරගන්න ලැබීම ගැනත් sohi සතුටින් හිටියා.ඇයට බොහො වෙලා යන තුරැ නින්ද ගියේ නෑ.sohi ජනේලයෙන් අහස දෙස බලන් සිටියා.shigu ද ඇය අසලින් හිටියා.
🗡️මොනාද කල්පනා කරන්නෙ sohi....🌹ම්.....මොකුත් නෑ.නිකම් අහස දිහා බලන් හිටියා...
🗡️හම්.....අද ඔයා ගොඩක් සතුටින් නේද.....
🌹ඔව්....ගොඩා....ක්...
🗡️ඔයාට ඒ පිසාචයව විනාශ කරන වෙලාවෙ මොනාද දැනුනෙ...
🌹අනේ මන්දා...ඒත් මන් මගෙ අම්මව දැක්කා...මට වෙලාවකට හිතෙනවා එයා ඇවිත් මාව බේරගත්තා කියලත්...
🗡️නෑ sohi...ඒ ඔයාමයි හිටියේ...ඒ එතන හිටියෙ ඔයාගෙ ආත්මයේ කොටසක්......ඒ එතන හිටියෙ ඔයාමයි.
🌹ඒත් ඒ කොහොමද...
🗡️ඒ ඔයා හිතින් විශ්වාස කරපු කෙනා sohi...ඔයා අන්තිම වෙනකම්ම උත්සහ කලා.ඔයා ඔයාගෙ බලය ගැන විශ්වාස කලා...අන්න ඒ වෙලාවෙදි ඔයාගෙ ඇත්තම බලය එලියට ආවා.ඒ නිසයි ඔයාට ඔයා තවත් කෙනෙක්ව පෙනුනෙ...
🌹ඕහ්...
🗡️දැන් ඔයා නිදාගත්ත නම් හරි.....අනික ගොඩක් මහන්සිත් ඇතිනේ...
🌹මට නින්ද යන්නෙ නෑනෙ....
sohi එහෙම කියද්දි shigu සිනාසුනා.
🌹ඇයි හිනාවුනේ....
🗡️ඔයාගෙ අම්මත් ඔය විදියමයි.....
🌹හම්......
sohi දිගු හුස්මක් අරන් පිට කලා.
🌹හම්...වෙන්න ඇති....
sohi එසේ කියනගමන් shigu ව තම අතට ගෙන වෙනත් තැනකින් තිව්වා.
🌹මන් එහෙනම් නිදාගන්නවා....
🗡️හම්..ඒක හොදයි...good night sohi....
🌹good night..😄
sohi එසේ කියමින් විදුලි පහන් නිවා දමමින් ඇදේ හාන්සි වුනා.

______________________________________
______________________________________sohi වෙනදටත් වඩා වේලාසනින් university එකට උදෙන් ම ලෑස්ති වුනා.teahyun ද ඇයට තනියම යන්න අවසර දුන්නා.sohi සතුටින් තම නිවසින් පිටත්ව පාරේ ඇවිදගෙන ගියා.ටික දුරක් ගිය පසු sohi ට හුගක් හුරැ පුරැදු කටහඩක් පිටුපසින් ඇහෙන්න ගත්තා.

YOU ARE READING
💞....Vampire Boyfriend....💞[ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻❦︎]
Fanfictionආදරය කියන දේ ඕනම තැනක ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ ආදරේටත් සීමාවක් තියෙනවා...ඒක තේරැම් ගන්න.... 🌹කවුරැ මොනා කිව්වත් නැතත් එයා විතරමයි මගෙ ආදරේ....ඒ වෙනුවෙන් මම ඕන කැපකිරීමක් කරනවා ඒක කොච්චර වේදනාකාරී වුනත්.... Start=10/07/2022 End=04/08/2022 This is my...