"වනීශ් පැත්තකට පලයන්. මම හිතන්නෙ නෑ දැන් උඹ සස් එක්ක කතා කරන්න ඕනේ කියලා..." නිදන් හිටිය මාව ගැස්සිලා ඇහැරුනේ එළියෙන් එන සද්දෙට. වනිශ් කොහොමද මම මෙතන කියලා දන්නෙ...
"සකුන් උඹට සැරයක් මම කිව්වා ටයි එක මෙතන නම් අයිතිකාරයා වෙන ගුබ්බෑයමක නෑනේ.."
"මේක ගුබ්බෑයමක් කියලා කවුද මිස්ට වනීශ් ඔයාට කිව්වේ..." මම මුකුත්ම නොවුන ගානට ඉස්සරහට යන ගමන් ඇහුවා. ඇයි මම බය වෙන්න ඕනේ ඇයි...
"සුදූ අපි කතා කරන්න ඕනේ.." වනීශ් ගුටි කාලා වගෙ මුළු මූණම තැලිම් පාරවල්.
"අපිට කතා කරන්න දෙයක් ඉතුරුයි වගෙ නෙවෙනේ මිස්ට වනීශ්..."
"පිලිස් සස් මම කියන දේත් පොඩ්ඩක් අහන්න..."
"කියන්න බලන්න.."
"මූ ඉස්සරහා නෙවේ තනියම."
"මූ ඉස්සරහා බයද හොර අහු වුනොත් කියලා... මෙතන මම විතරනෙ මෝඩයා වෙලා තියෙන්නෙ"
"සස් මම හිතනවා ඔය දෙන්නා මේ දේ තනියම බේර ගන්න එක හොදයි කියලා.." සකුන් එහෙම කියලා කාමරයක් පෙන්නුවා."මම තව ටිකකින් හොස්පිටල් යන්න ඕනේ... ඔයාලට නිදහස තියෙනවා."
ඇත්තටම මූ මොකෙක්ද මට ආදරේයි ලු එත් මම ආදරේ කරන එකා ගාව මාව දාලා යන්නත් කැමති... සකුන්ව නම් කාලා බීලාවත් තේරුම් ගන්න බැරි වෙයි.
"හරි සකුන්.." මම ඒ කාමරේට යන අතරේ වනීශ් ඉස්සර වුනා. මම ගියාට පස්සෙ දොරත් ලොක් කර ගත්ත වනීශ් මගෙ අත අල්ල ගත්තා..
"පොඩ්ඩක් ඉන්න..." මම එහෙම කියලා ලොක් කරපු දොරත් ඇරගෙන සකුන් ගාවට ගියා සාමාන්‍යයෙන් මට වේලාවකට හිතෙනවා ඇයි මාව මෙච්චර රිදුනත් මගෙ අයට රිදෙනවා බලන් ඉන්න මට බැරි ඇයි කියලා.
"සකුන් බෙහෙත් නැද්ද ගන්න... අරයා තුවාල වෙලා...." මම සකුන්ගෙන් ඇහුවාම ඒ ඇස් පුරාම තිබ්බේ පුදුමයක්.. පස්සෙ බොක්ස් එක අරන් මට දෙන්න හදලා ආයෙ මගෙ ඇස් දෙක දිහා බැලුව.
"ඔයාගෙ හදවතට මේ බෙහෙත් හරියන්නෙ නෑ සස්... ඔයත් තුවාල වෙලා එත් ඔයා බලන්නෙ ඔයාව රිද්දපු කෙනා දිහා. ඉතින් කොහොමද මම ඔයාට ආදරේ නොකර ඉන්නේ.." සකුන් මගෙ අත අරන් බොක්ස් එක තියලා යන්න ගියා. ඉන්න එයා යන්න කලින් දැම්ම බැල්ම හරියට එයා ආදරේ කරන හා පැටියෙක් නරියෙක් ගාව දාලා යන පෙනුමක්...
YOU ARE READING
💙ඔබ අභියස🖤 (Complete)
Non-Fictionමතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤