36

644 108 17
                                    

මම ඇද උඩ ඉදගෙන කල්පනා කරේ ඉස්සරහා ගැන. හොදටම අඩලා අඩලා කම්මුල් පෙගිලා ගිය වනීශ් දිහා බැලුවාම මගෙ හිත මැරිලා වගෙ දැනුනා.. මම මොකද දැන් කරන්නෙ මමත් හිර වෙලා අවුරුදු කීයකින්ද මගෙ නංගි මාව දැනගත්තෙ... ඒ වෙලත් මට බෑ නේද එයාව මෙහෙම අතරමන් කරලා දාන්න... මම ඕකම ආයෙ ආයෙ හිතුවත් වැඩක් නෑ මගෙ එකම උත්තරේ මේ ප්‍රශ්නෙන් පැනලා යන එක. එත් මම වනීශ්ගෙ ෆෝන් එක බැලුවා. වෝල්පේපර් එකෙ මාත් එක්ක ගත්ත ෆොටෝ එකක් තියෙනවා ලස්සනට. ෆෝන් එකෙ ලොක් එකට මගෙ ෆින්ගර් ප්‍රින්ට් තිබ්බත් මම කවදාවත් මෙයාගෙ ෆෝන් එක චෙක් කරලා තිබ්බෙ නෑ...

අතට ගත්ත ෆෝන් එකෙ මම උඩට පහලට යද්දී මැසෙජ් එනවා. එකක් නමක් නෑ එත් ඒ මනුස්සයා බරටම මැසෙජ් දාලා. අනික් කෙනා බය වෙච්ච මගෙ නංගි... ඇස් බොද වෙන වාරයක් වාරයක් පාසා පෙගිලා ගිය වනීශ්ගෙ කම්මුල් දැක්කා මට මාවම පිස්සෙක් වගෙ පෙන්න ගත්තා. එත් නොදැනීම අර නමක් නැති නම්බර් එකෙ මැසෙජ් බැලුවාම දැක්කේ අර ආතක් පාතක් නැතුව අපිව අන්තේටම අසරණ කරලා දාපු මාමා කියලා. මට කේන්ති ගියා. වනීශ්ට මෙහෙන්මම ඉන්න දීලා මම මාමාගෙ නම්බර් එක මගෙ ෆෝන් එකට ඩයල් කර ගත්තා. සකුන් මට දීපු අලුත්ම ඇදුමත් දාගෙන මම එළියට බැස්සෙ දැන් කාලෙ හරි අර තිරිසනා ඉස්සරහට යන්න.

ඒත් ඒ මැසෙජ් හරි අමුතුයි. ඌ වනීශ්ව බැලැක්මේල් කරනවා වගෙ. උදේ 11ට බීච් රෝඩ් එකෙ බාබුගෙ කඩේට එන්න කියලා තිබ්බේ... මම පහලට ඇවිත් නතර වෙද්දී මගෙ ඉස්සරහට සකුන්ගෙ කාර් එක ආවා. පුදුම වෙලා බලද්දී වචනයක් වත් කියන්නෙ වත් නැතුව ඒ දෝර ඇරුනා. මම අසරණ වෙලා ඉවර නිසා තවත් නැති වෙන්න ආත්මගරුත්වයක් මට තිබ්බේ නෑ. වනීශ්ගෙ පවුලයි අර තිරිසනයි ඒක ලෙසටම නැති කරලා තිබ්බ නිසා.

"කොහෙටද යන්න ඕනේ.."
"බීච් සයිඩ් එකට..."
"ම්ම්ම්..."
"හොස්පිටල් ගියෙ නැත්තෙ ඇයි?"
"මූඩ් නෑ..."
"ඇයි?"
"ඔයා බබෙක් නෙවේ නේද?"
"මට කියන්න මට හිත් කියවන්න බෑ සකුන්. අනික පෙහෙළිකා පුරවන්න පුලුවන් මයින්ඩ් එකකත් නෙවේ මම ඉන්නෙ..." මම කියලා දැන්මා එත් මිනිහා කතා නෑ ඔහේ ඩ්‍රියිව් කරනවා විතරයි.

"සකුන් කියන්න..."
"මෙච්චර ඔලුවේ අවුල් තියන් සර්ජරි කරලා මිනිස්සු මරන්න මට බෑනේ සස්.."
"ඔයාට මොකක්ද අවුල මටනෙ දැන් රට පැටලෙන්න ප්‍රශ්න තියෙන්නෙ..."
"මම ආදරේ කරන එකාව අරු එක්ක තනියම දාලා ආවා. අනික මම මොනවා කරන්නද? මගෙ හදවතින්ම මට ආරක්ෂා කරන්න ඕනේ එකාව බිංදුවක්වත් බලාගන්න හිත කැඩෙන්න නොදෙන්න වැඩ කරන්න මට බැරි වුනා."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now