පෙරවදන

1.5K 196 48
                                    

පෙරවදන

දෙව්පසන් ප්‍රනාන්දු මැරුණේ හරියටම එයාගේ දාහත්වෙනි උපන්දිනේ දවසේ. එයා මැරුණේ මට ආදරෙයි කියපු හින්දා...

අපේ සීයගේ ගෙදර පොඩි කුස්සියේ දිරලාවැටෙන්න ඔන්නමෙන්න තියෙන ප්ලාස්ටික් පුටුවක් උඩ ඉඳගෙනහිටිය දෙව්පසන් "ආදී, මචං මම උඹට ආරෙයි..." කියලා කියනකොට මම උගේ බර්ත්ඩේ කේක්එක අයිසින්කරලා අතගත්තා විතරයි. ඒකත් හොඳ වෙලාවට... නැත්න්ම් දෙව්පසන්ගේ වචන ඇහෙනවත් එක්කම අත ඉබේටම මිරිකිලා වැටුණ තඩි අයිසින් ගුලිය එහෙම්මම කේක්ගෙඩිය උඩට වැටෙනවා.

"උඹ දන්නවානේ? මම උඹට ආදරෙයි..."

"තෑන්ක්ස්..."

මම පයිපින් බැග්එක පැත්තකට විසිකලේ රත්වෙච්ච යකඩයක් අතේතියාගෙන හිටියගානට.

එච්චර වෙලාවක් දැනුණු තද සීතලවෙනුවට එකපාරටම ඇඟට රස්නයක් දැනෙද්දී ඇඳගෙනහිටිය තුනී ජර්සිය ඔලුවෙන්ගලවලා අයින්කරපු මම ඇඟට දැනෙන කළන්තේගතිය මැඩගෙන මේසෙට අත්දෙකතියලා වාරුවුණා. දෙව්පසන්ගේ මුහුනේ අවුරුදුදාහතක කොල්ලෙක්ගේ මුහුණකට නොගැලපෙනවිදිහේ මාරම බැරෑරුම් බැල්මක්. ඒ මුහුනදිහා බලගෙනඉන්න බැරිකමට මම නිල්පාටයි සුදුපාටයි අයිසින්කරපු කේක්ගෙඩියදිහා බලාගත්තා.

ඕනේතරම්තැන් තියෙද්දි ඌට මටම කියලා බර්ත්ඩේ කේක්එකත් හදාගන්න ඕනේවුන්හැටි! වෙනතැන්වල කේක්වලටවඩා මම හදන කේක් රසයිලු!

"පාටියට එන්නබෑ කියලා ශුවර්ද?"

"ශුවර්..." මගේ හඬ ස්තිරයි. "අනික ආච්චි තනියෙම..." මම සුපුරුදු හේතුව කිව්වා.

"උඹයි උඹේ ආච්චියි!" මම ආච්චිඑක්ක ඕනෙවටවඩා නැතිබව හොඳටමදන්න දෙව්පසන් මගේ හේතුව හොයාගන්න වෙන ප්‍රශ්නයක් ඇහුවා. "මම ගෙනල්ල ඇරලවන්නම්?"

"බෑ... පසන්.."

"ඉස්කෝලේ කොල්ලෝ එනනිසාද? උන් මොනාහරි කිව්වොත් මම බලාගන්නම්..."

දෙව්පසන් අත්දෙකත් පපුව උඩින් බැදගෙන බිත්තියට හේත්තුවක්දාගෙන නිහඬවම බලාගෙනහිටියේ මගේ උත්තරේ වෙනස්වෙයි කියලා වෙන්නඇති. කුස්සියේ බිත්තියටගෑව හුණුවල පරනවෙච්ච සමරපාටට ඌ ඇඳගෙනහිටි රතුපාට ඝනකම් වූල් ජර්සිය කැපිලා පේනවා. ටිකවෙලාවක් ගිහින් හූරගෙන කකාහිටිය කේක්බැටර් බෝල්එකත් සින්ක්එකටදලා හුස්මක්හෙලලා නැගිට්ටේ මගේ තීරණේ පිළිඅරගෙනවගේ. එහෙම හුස්ම හෙලනකොට උගේ නාහෙන් පිටවුනු හුස්ම දුම්වලාවක්වගේ වාතලයට මුසුවුණා.

ඉතිං, මේ මගේ හිත...Where stories live. Discover now