ep 4

1.2K 246 18
                                    

ඕයී....ඕයී....තමුසෙ කොහෙද මේ ගමේ යනව වගේ කඩා බිදගෙන යන්න

"ඔරියන්ටේශන් එකට අයියෙ"

"කියපිය මගෙ අම්මගෙ නම"

"මොකා....ම්ම්ම්ම්ම්.....ආආ.....මම කොහොමද ඒක දන්නෙ....මගෙ අම්ම නම් ස්වර්ණා"

"ආඅ....ඒකනෙ....උබ කොහොමද මගෙ මල්ලි වෙන්නෙ....නිකන්...අයියෝ ෆයියෝ කියල නෑ කම් කියන්න ලෑස්තිවෙන්න එපා හරිද"

"ඒයි තඩියා උබත් මූ එක්කද ආවෙ"

"න්න් නෑ අයියෙ"

"අහ්හ්...මෙන්න තවත් මල්ලි කෙනෙක්....යකෝ මට මල්ලිලා වැහි වැහැලනේ....ඕයි තඩියාමෙහෙ වරෙන් මුගෙන් අහගනින් මම මොකද්ද දැන් මූට කියුවෙ කියලා""

තාර පීප්පයක් වගේ කලුම කලු මහතම මහත තඩියා මම ලගට ඇවිත් 

දියෙන් ගොඩ ගත්ත මාලුවෙක් වගේ කටින් හුස්මගන්න ගමන් ඇස් ලොකු කරලා මම දිහා බලන් ඉන්නව

ඌට උත්තර දෙන්න පුලුවන් මානසිකත්වයක් නෙමෙයි මම හිටියෙ

ෆුල් කන්ෆියුස් වෙලා 

මගේ පලාතෙ කලා විශයන් වලින් පලාතෙන්ම දෙවැනිය වෙලා කැම්පස් එකට ආවෙ ෆුල් ජීනියස් පොරක් කියන මානසිකත්වයෙන්

ආට් කරලා ලෝ ෆැකල්ටි එකව කියන්නෙ...මෙඩිකල් කොලේජ් යනව වගේම ලොකු දෙයක් විදියට අපේ ඉස්කෝලෙ හැමෝම හිතුවෙ

පහුගිය දවස්වල මම මහා හපන් කමක් කරා කියලා....ගමේ සමිතිවල දහම්පාසලේ ඉස්කෝලෙ මට උපහාර උත්සව පැසසුම් ගොඩයි

දකින දකින තැන මහා දැනමුත්තෙක් විදියට ගරු සැලකිලි බොහොමයක් ලැබුනා

ඒ ඔක්කොම නිසා මම තුන් හතර ගුනේකින් ඉදිමිලා පස් හය ගුනේකින් උඩින් ගියේ

ඒත් කැම්පස් පලවෙනි දවසෙම

මගේ කීර්තිය ගරුත්වය තලපතා උස්ස්ල පොලොවෙ ගැහුව වගේ ෆ්ලැට් කරලා දැම්මනෙ මේ යක්කු

දැන් මම ලෝඩ් මානසිකත්වය අත ඇරලා

එකවසරට ඉස්කෝලෙ ගිය පොඩි එකෙක් වගේ අඩන්න ලේස්තිවෙලා හිටියෙ

රැව්ල් කොන්ඩ වවාගත්තු...දරපතුරු වගෙ කෙට්ටු සීනියර්ලා රෑනක් අපිව වටකරන් හිටියෙ

case කේස්Where stories live. Discover now