ep 6

1.2K 245 11
                                    

පවන්ගෙ දේශනාව අහලා

අපෙ අම්මගෙ බලාපොරොත්තු ගැනත් හිතලා 

මම අන්තිමේදි රැග් එක ඉවසගෙන දිගටම කැම්පස් එකේ ඉන්න තීරනය කරා

ඒත් මම් ඉස්කෝලෙ හිටිය සාෂාට වඩා ගොඩක් වෙනස් උනා

හැමෝම එක්ක කතාකරලා හිනාවෙලා විහිලු කරලා හිටපු චියර් ෆුල් සාෂා වෙනුවට

බුම්මැට්ටෙක් වගේ ඉන්න දකින හැමෝටම ඔරවන බිම බලන් ගමන් යන කනට නෑහෙන්න කොදුරලා කතා කරන පරාදීන මනුස්සයෙක් උනා

කොටින්ම කියුවොත් රැග් එක මගෙ පිට කොන්ද කැඩුවා

ඉගන ගන්න තියෙන කැමැත්ත නැතිවෙලා ගියේ රැග් එක නිසා විතරක්ම නෙමෙයි

ඉන්ග්‍රීසි බෑරි නිසයි

පන්තියෙ කොයිදේටත් ඉස්සරවෙලාම උත්තර දීපු මම ලෙක්චර්ලා ඉන්ග්‍රීසියෙන් අහන ප්‍රශ්න වලට බයේ ගොලුවෙක් උනා

මොනදේ උනත් පවන් මාත් එක්ක එකටම වගේ හිටියා

සැරින් සැරේ මම සුදු උස අමනුශ්‍යයා මග තොටදි දෙක්ක

දකින හැමවෙලේම ඌව මග හැරලා යන්න මම පෙලබුනා

කොමන් රැග් කරන තැන් වලදි මිනිහා මට මූනට මූන මුන ගැහුනත් මම ඌව ගනන් ගත්තෙත් නෑ...ඌ මාව ගනන් ගත්තෙත් නෑ

කොටින් ම මගේ හිතේ ඌ ගැන ගෞරවයක් නෙවෙයි වයිරයක් තිබුනෙ

කවද හරි දවසක මම ලැජ්ජ උන විදියටම ඌවත් සෙනග ගොඩක් ඉස්සරහ ලැජ්ජ කරනවමයි

මම ඌව දකිද්දි දත්මිටිකාලා මටම දිවුර ගත්තා

ජරා රැග් සීසන් එක මාසයක් යද්දි ගෙවිලා ගියා

සෝශල් එක ලැවුන දවසෙ සුදු අයියා ලස්සන ඇදුමක් කරලා කොල්ලො කෙල්ලන්ගෙ හිත ඇදිලා යන කතාවක් කරා ලොකු උත්සවේදි

අනෙක් හැමෝම උගේ ලස්සන ගැනයි කතා කරන්න තියෙන දක්ශතාවෙ ගැනයි හෙනට වර්ණනා කරා

අපේ කෙල්ලො නම් වැඩි විස්තරත් හොයාගෙන

කාඩ් එක ශිරා

නම ශිරාන්

තවම කෙල්ලෙක් නෑ

ෆැකල්ටියෙ ඩෙබෙට් ටීම් එකේ චෙස් ටීම් එකේ බාස්කට් බෝල් ටීම් එකෙ කැප්ටන්

case කේස්Where stories live. Discover now