ep 13

1.2K 224 12
                                    

ශිරාන්ගෙ තරගෙ නම් මට බාගෙට බාගයක් තේරුනේ නෑ

විපක්ෂ නායකගෙ ඉන්ග්‍රීසි ලියුම වගේ

ජීවිතේට අහපු නැති කියන්න යද්දි හක්ක උලුක් වෙලා දිවත් දොට්ට පනින බරපතල කඩු කිනිසි බොහොමයි 

සින්හල කතාවල මැද්දට කතාවෙ බර වැඩි කරන්න පාලි ගාථා ශ්ලොක කෑලි දානව වගේ 

ඉන්ග්‍රීසි කතාවල භාෂා පරිචය පෙන්වන්න ලතින් ප්‍රන්ශ ඉටලි වගේ භාෂාවල ගැබුරු කොටස් දානව එහෙන් මෙහෙන්

ඒක නිසා සාමාන්‍ය ඉන්ග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ටනම් මුන්ගෙ කතා ලන්සි කුනුහරුපවගේ

ඒත් වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනි නේ

මමත් නොදන්න වග නොපෙන්වා ...සභාවෙ අනික් උන් හිනාවෙන වෙලාවට හිනාවෙනව...අනික් උන් සූව දාන වෙලවට සූව දානව...අනික් උනත්පුඩි ගහන වෙලාවට අත්පුඩි ගහනව

මම පන බයේ හියියෙ .......හැක හැක ගාලා හිනා වෙද්දි ලග ඉන්න කවුරු හරි ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවොත් මොනව කියන්නද කියන එක ගැන

ඇමරිකන් චිත්‍රපටි කාටූන් බලද්දිත් හැමදාම කරේ ඒකනෙ...පසු තලයෙන් හිනාවෙන සද්ද ඇහෙද්දි මෙලෝ මලදානයක් නොතේරුනත් උඩ පැන පැන අපි හිනාවෙනවා

මේකප් තට්ටු පිටින් උලාගත්ත පොශ් කෙල්ලො ඇවිත් මැශින් තුවක්කු වලින් වෙඩි තියනව වගේ ඉන්ග්‍රීසි වනාගෙන වනාගෙන ගියා

කලින් එකාට වඩා පස්සෙ ආව එකා හොදයිද නරකයිද කියගන්න බැරි තරම් ඔක්කොම හොදයි ..මට හිතුනා

ඒවගේම මම මෙලෝකයක් තේරෙන්නෙ නැති බොට්ටයෙක් වගෙත් දැනුනා

මේ හැගීමම උබලට දැනිලා ඇති...ඉන්ග්‍රීසි බැරි උනත් හොදට ඉන්ග්‍රීසි පුලුවන් යලුවො එක්ක එකට වාඩි වෙලා ඉන්න උනාම දැනෙන විදිය

ශිරාන් ඇතුලු කතිකයන් වෙදිකාවෙ වාඩිවෙලා හිටපු නිසා මට උඩබිම බල බල ශාලාවෙ වාඩිවෙලා ඉන්න උනා

ශිරාන් එයාගෙ තරගයට තදින්ම ප්‍රවිශ්ඨ්වෙලා

ඉස්සර රැග් කාලෙ එයාගෙ මූනෙදි දැක්ක බැරෑරුම් පෙනුම ආයෙ ආරූඩවෙලා තිබුන

case කේස්Where stories live. Discover now