ep 20

1.1K 175 3
                                    

Ep 20

ලොකූ රීඩින් රූම් එකේ කොනක තිබුන පුටු දෙකක අපි වාඩිබෙලා හිටියා

ශිරාන් එයාගෙ ෆෝන් එකෙන් මීට කලින් තිබුන උත්ඝෝශනවල ෆොටෝ බල බල හොද සටන් පාඨ් හොයනව

මම ඒව ලියනව

" පාලාකයිනි මේ අහන්න ...ශිශ්‍ය හඩට සවන් දෙන්න

මේක හොදයිනේ" මමත් කැලනියෙ යුනි එකේ තිබුන පෙලපාලියක අරගෙන ගිය පෝස්ටරයක ෆොටෝ එකක් පෙන්නල ශිරාන්ගෙන්නැහුවා

"ඒකෙ බර මදිනේ...අහන්න කෝ කන්නකෝ....අපෙනුත් මල් ගන්නකෝ වගේ ලපටි ගතියක් තියෙනව

ඒක මෙහෙම ලියුවොත් කොහොමද?

අපේ හඩට සවන් දියවූ වගේ""

"" අපෝ ඒක ප්‍රොෆෙශනල් නෑ හලෝ....ටිකක් ලස්ස්න කරනවකො""

"පාලකයන් මරනින්දේ...සරසවියම වලපල්ලේ"

"" අඩේ ඒක මරු මරු...ඒක ලියාගන්න....

දුප්පතුන්ගෙ සල්ලි ගිලින ....උපකුකපති පන්න දමවු

ඒක කොහොමද""

"ආඅ....ෆට්ට ෆට්ට්...ඒවගේ තව හිතපන් සාෂා....උබට හොද සටන් පාට කටට එනවනෙ

මම හිතන්නෙ කොහොනත් උබ වලියට බරයිනෙ

මට උනත් කිසි හිතක් පපුවක් නැතුවනෙ බනින්නෙ ""

"විකාර කියවන්න එපා ඕයි...හිතට එන ඒවත් අමතක වෙනව

විද්‍යගාර නැති...නිදිවදින මන්දිර ඇති හරි අපූරු කැම්පස් එක

උන්ට සුර සැප....අපිට අගු පිල

කොමිස් ගිලින වානරයෝ ...අපි හැමෝම ණය කෙරුවෝ""

"හෝවූ හෝවු හෙමින් කියනව...ලිගාගන්නත් ඕනෙනේ

උබනම් අසූවෙ කැරැල්ලෙදි මැරිච්ච විරු සිසුවෙක් ආයෙ ඉපදිලාද කොහෙද 

කස කස ගාල අරගල වදන් දෝරෙ ගලනවනෙ"

මට මේ වැඩේ හරිම විනෝදකාමී උනා ...එකක් ශිරාන් ලගින් හිටියා

අනෙක මගේ නිර්මාන්ශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් උනා

"ශිරාන් බඩු ටික සප්ලයි කරලා තියෙන්නෙ...උබලට රෑට කන්නත් එවලා ඇති...සෙප්පුවගෙ ගෙදර යතුර ඉස්සරහම තියෙන පතොක්පැලේ හිටවපු මල් පෝච්චිය යට...වෙන මොනව හරි ඕනෙනම් ...කෝල් එකක් දීපන්"

case කේස්Where stories live. Discover now