ep 22

1.1K 166 7
                                    

Ep 22

ඒක ලස්ස්න දවසක් 

ලස්සන විශ්වවිද්‍යලයක්

එකම වෙනස අද ඒකෙ එක ළමයෙක්වත් බේතකට වත් හොයා ගන්න නෑ

ඒත් කොන්තරාත් දීපු ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි වැලින් මුලු කැම්පස් එකම ලස්ස්නට සරසලා

දජ පතාක හැම තැනම

බබයක් විතර උස රටේ ජානාධිපතිගෙ පින්තූර එක් යායට තවන් දාලා ඒහැම ෆොටෝ එකකටම පිටිපස්සෙන් බබ තුන් කාලක් උස ඩිජිටල් ප්‍රින්ටඩ් බැනර් වල චීස් බෝලෙ වගේ දිලිසෙන පිම්බිච්ච අගමැතිගෙ රූප

ඊටත් පිටිපස්සෙන් බබ කාලක් උස රූප රාමු වල ආරිය සින්හල ඇදුමක් ඇදගෙන හිත ඇදීලා යන හිනාවක් මුනෙ පින්තූර කරපු අධ්‍යපන ඇමති

ඊටත් පිටිපස්සෙන් බබ අරික්කාලක් උස ෆොටෝ වල කොන්ඩෙ තැනින් තැන කලාත්මක ආකරයෙන් සුදු කරපු පෙරහැරේ යන අලියෙක්ට වගේ දම්පාට ලෝගුවක අනූලෙන් වැඩ දාපු ක්ලෝක් එකක් ඇදගෙන දැක්කත් දැනුම විසිරෙන වීසී උත්තමයගෙ රූපාවලෝකනයක් 

මොන තරම් සුඛිත මුදිත දේශයක්ද

මේ ලස්ස්න රූප ප්‍රින්ට් කරන්න තීන්ත ගන්ගාවලින් ගලාගෙන එනවා ඇති

ප්‍රින්ට් කරන කොල ගස්වලින් කඩා ගන්න ඇති

මේ මහේශාක්‍ය උත්තමයන්ගෙ පින්තූරවලට මේ සැරසිලි වලට

ගොඩ නගන්න යන උපකුලපති මැදුරට රටේ දුප්පත් මිනිස්සුන්ගෙ හූරා කාපු බදු සල්ලි එක සතයක් වත් පාවිච්චි කරන්නත් නැතුව ඇති

මතු දවසක සින්හ කොඩියෙ ඉන්න සින්හයත් නරියෙක් කියලා විකුනන්න තරම් රට අසරන වෙන තැනට වැටෙන විදියට ලොකූ ලොකූ කොමිස් කුට්ටිවලට ගිනිපොලීවලට ගත්තු ණයත් සතයක්වත් යොදවගන්න නැතුව ඇති

මේ කෙන් කිසිම දේශපාලකයෙක්ට උපකුලපති උත්තමයට එක සතේක ලාබයක් නැතුව ඇති

එහෙවූ ලස්සන උත්සවයක් නොවැ මේ අන්තරේ ඇට්ටර කොල්ලො කෙල්ලො නාස්තිකරන හදන්නෙ

දෙමවුපියො කොයිතරම් බලාපොරොත්තු තියන්ද ඕකුන් ඉගන ගන්න කැම්පස් එවුවෙ

case කේස්Where stories live. Discover now