ep 26

977 166 8
                                    

Ep 26

ගිය දවස් දෙකම මහන්සිවෙලා වැඩ කරපු නිසාත්

අපේ අම්ම හිතන විදියට අපි කැම්පස් එකේ කිසි වැඩක් නොකර වෙන වෙන වැඩ කරලා අධ්‍යපනේ කඩාකප්පල් කරගන්න යනවා කියන බැනුමෙන් බේරෙන්න ඕනෙ නිසත්

ගෙනාපු ලෙක්චර් නෝට්ස් වගයක් දික්ගස්ස ගෙන දෙන්නම පාඩම් කරන්න ගත්තා

මම නම් වැඩි හරියක් කරන්නෙ...අමරු ඉන්ග්‍රීසි වචන ෆෝන් එකේ මධුර ඇප් එකෙන් බල බල නෝට් එකේ සින්හලෙන් ලියන එක

සමහ වාක්‍යවල ගොඩක් මාරු වචන තිබුනම ඒවා සින්හලෙන් ලියුවත් සම්පූර්න අදහස තේරෙන්නෙ නෑ

ශිරාන් මට ඒවගේ තැන් ගැන පැහැදිලි කරලා දුන්නා 

යහපාලනය ගැන නෝට් එක මම බල බල හිටියෙ

ඒක අතට ගත්තු ගමන් ශිරාන් බක බක ගාලා හිනා උනා

ඒකෙ මාතෘකාව ඉන්ග්‍රීසියෙන් තිබුනෙ මෙහෙමයි

The self-accountability is a principal component of good governance 

මම ඒක සින්හලට පරිවර්තනය කරාට ඒක මටනම් මෙලෝ මල දානයක් තේරුනේ නෑ

මම සින්හලෙන් ලියලා තිබුනෙ

තමන්ගේ ගිනුමේ කොටසක් පාලනය විදුහල්පතිට හිමිවෙ

"මෝඩයා මොක්ද හිනාවෙන්නෙ....අවුලක් තියෙනවනම් කියපන් නොදන්න එකාට කින්ඩි නොදමා " මම මල පැනලා බැන්නා

"මොනාද ඕයි ලියන විකර තමුසෙට මේක සින්හලෙන් කියුවත් තේරෙන්නෙ නෑනෙ....සමහර ඉන්ග්‍රීසි වචන වල තේරුම් ගොඩක් තියෙනව ඒවයෙන් හරියනම තේරුම පරිසමට තෝරගන්න ඕනෙ නැත්තම් අපි කුනුහරුප ලිවුබා වෙනවා

මේකෙන් කියැවෙන්නෙ විදුහල්පති කෙනෙක් ගැන නෙමෙයි මෝඩයො

ස්වයන් වගවීම යනු යහපාලනයේ ප්‍රධාන ලක්ශනයකි කියන එකයි"

"හරි හරි තමුසෙලා හොද කඩු කාරයො...අපි ගොඩයො...දෙනව මගෙ නෝට් එක මම ප්‍රින්සිපල් නැත්තන් උගෙ ගෑනි ගැන හරි ලියලා පාඩම් කරගන්නම්

මේ ඉන්ග්‍රීසිනම් මල වදයක් 

කවදාවත් මම මෙහෙම ලැජ්ජා වෙලා නෑ

case කේස්Where stories live. Discover now