ep 30

865 158 6
                                    

Ep 30

අරගලේ මට කුනාටුවක් වෙලා මගෙ ජීවිතේට කඩන් එයි කියලා මම හිතුවෙ නෑ

නිදා ගත්තු ඇදේම මැරිලා ගිහින් තිබුනනම් හොදයි කියලා හිතුනා

රෑම නිදා නොගත්තු නිසා යකඩ කුලුගෙඩියකින් ගැහුවා වගේ ඔලුකට්ට පුපුරන්න රිදෙනවා

ඒ ඔක්කොම අවූ අස්සෙ පවන් මාව ලෙක්චර්ස් ඇදගෙන යන්න හදනව

මිඩ් සෙමෙස්ටර් එකකුත් අද හෙට තියෙනව

ඒක අවූලක් නෑ...ගෙදර් හිටපු දවස් වල ශිරාන් මට ඔක්කොම හොදට උගන්වල ගිරවත් දම්මලා තිබ්බෙ (ගිරව දානව කියන්නෙ කට පාඩම් කරන එකට)

එයා ලියලා දීපු නෝට් සෙට් එකත් අරන් ලෙක්චර්ස් නොගියනම් කියලා හිතෙනව

මම ෆයිල් එක ඇතුලෙ එයා කුරුටුගාපු හාෆ් ශීට් දිහා බලන හැම වෙලේම 

ඒ අකුරු නටලා අපි දෙන්න පහුගිය මාසෙ අපේ අම්මත් එක්ක ගතකරපු ලස්ස්න ජීවිතේ මැවිලා පේනවා

"උබේ ඇස් අමාරුවයි...ඔලුව කැක්කුමයි හොද නැත්තන් යමන් ඩොකා බලන්න" (ඩොකා බලනව කියුවෙ බෙහෙත් ගන්න යන එකට)

පවන් ලෙක්චර් එක මැද්දෙ මගේ කනට කරල කියුවෙ 

ම්ට නොදැනිම ඇස් වලින් කදුලු සට සට ගාල වැටුන නිසා 

ලෙක්චර් එක අතරෙ අම්ම කෝල් කරා

එයා කතා කරොත් අහන්නෙ ශිරාන් ගැනමනේ...ඒ මදිවට ශිරාන්ට ලොකු පුතා කියලත් කියනව

"සාෂා....මොකද නාහෙ බර වෙලා...පිනි බෑවද...රෑට නානවද?"

"නෑ නෑ අම්මෙ ...මේ දවස් වල වයිරස් හෙම්බිරිස්සාවක් හැමෝටම තිහෙනව...මේක හොදවෙයි"

"කෝ...ලොකු පුතා ඉන්නවද ඔය හරියෙ"

"නෑ නෑ අම්මෙ...එයා ලොකු පන්තියෙනෙ...අපේ පන්තියෙ ඉන්නෙ අපේ වසරෙ අය විතරයි"

"ආඅ...ලොකූපුත දාපු ඕඩරේ ගන්න ඒ මුදලාකිලා වාහනයක් එවලා තිබුනා...ලොකු පුතා කියපු ගානටමයි දුන්නෙ...ඒකෙන් අපිට 15,000 ලාබයක් තිබ්බ හිතුවට වඩා...ඒක ලොකු ගානක් නෙ 

සාෂා..ඒක ලොකුපුතාට කියන්න ඕනෙ"

""අනේ අම්මෙ මට ඕව කියන්න වෙලවක් නෑ

case කේස්Where stories live. Discover now