ep 31

794 156 5
                                    

Ep 31

මගේ කතාව ඇතුලෙ දුක මාකට් කරලා උබල අඩවන්න මට ඕනෙ නෑ

ඒක නිසා මට දැනුන දුක 

ශිරාන් ගැන මට හිතුන දේවල් ආයෙ ආයෙ කියන්නනම් යන්නෙ නෑ

මම හිටියෙ ගොඩක් සෙනග මැද උනත් හිතෙන්නම් හිටියෙ හොදටම තනිවෙලා

දාල යන කෙනා නොපෙනෙන්න දාල ගියානම් ...මැරුනනම් හිත හදාගන්න ලේසී

ඒත් එයා නිතර ඇස් ඉස්සරහින් එහා මෙහා යනවනම්

මම වඩිවෙලා ගිය බයිසිකලේ එයාගෙ යාලුවො දාගෙන යනව දකිනකොට පරන තුවාල පැහැවනව වැඩී

ඔක්කොටම වඩා එයාගෙ දෙබිඩි හැසිරීම මාව පිස්සු වට්ටනව

මම එයාව තනියෙම මුන ගැහෙන්න හිතන් ඉද්දි එයා බයිසිකලේ වේගෙ වැඩිකරලා නොපෙනී යනවා

ලයිබ්‍රියෙ කැන්ටිමේ කම්පුටර් යුනිට් එකේ තනියෙම නම් ඉන්නෙ මාව දැකපු ගමන් මාරු වෙනව නැත්තම් එයාගෙ යාලුවෙක් ඉන්න තැනකට ගිහින් බොරු කතාවක් පටන්ගන්නව

ෆේස් බුක් එකෙන්නම් මාව උන්ෆ්‍රෙන්ඩ් කරලා

කෝල් වට්ස් ඇප් වලත් මම බ්ලොක් වෙලා 

හැබැයි මම අපේ යාලුවො ගොඩක් මැද්දෙ ඉන්නවනම්

එහෙම නැත්තම් එයා යාලුවො සෙට් එකක් මැද්දෙ නම් ඉන්නෙ

කැම්පස් එකේ අයිය කෙනෙක් පහල බැච් එකේ අදුනන එකෙක් එක්ක කතා කරන විදියට සුහදව කත කරනව හිනා වෙනව

ඒක මට නම් මහ දඩුවමක් වගේ දෙයක්

මම් එයා දිහා දුකෙන් බලන් ඉද්දි එයා දිහාමයි බල බල ඉන්නෙ කියන එක දැන දැන මගේ ඇස් මග හරින කෙනා බොරුවට ඇවිත් කතා කරලා යනව අනෙක් අය ඉස්සරහදි

" පීකරේ...ස්කූල් ඩිබෙට් කම්පිටිශන් එකක් ජඩ්ජ් කරන්න ඉන්විටේශන් එකක් තියෙනව යන්න පුලුවන්ද?"

"අයියත් යනවද"

"මටන්ම් යන්න වෙන්නෙ නෑ බ්‍රෝ....එදාට අපිට කෝට් කේස් ඔබ්සවේශන් එකක්...තර්ඩ් ඉයර් එකේ පෙත්තායි බට්ටි යනවා...පුලුවන්නම් උබත් සෙට් වෙයන්"

case කේස්Where stories live. Discover now