ep 42

793 152 4
                                    

Ep 42

කොච්චර පොලිශ් කරත් මුවහත් වෙන්නෙ නැති මහම මහ බාල කඩ්ඩක් මට නම් තියෙන්නෙ

අපේ මුතුන් මිත්තන්ව ඉන්ග්‍රීසින් විසින් යටත් කරගෙන අපේ රට විනාශකරා කියල ඉතිහාසය සර් උගන්වපු එක මම ඕනවට වඩා හිතට අරන් පොඩි කාලෙ ඉදලම ඉන්ග්‍රීසි පීරියඩ් එක කට් කරපු එකේ පවටද මන්දා අද මේ විදවන්නෙ

හිතේ තියෙන නොකැමත්ත නිසා ද මන්ද අකුරු 6ට වැඩි හැම වචනෙකම එක අකුරක් හරි වරදිනව

මම ඊ ලියුවොත් එතැනට එන්න ඕනෙ ඒ හරි අයි හරි

මම ඩබ්ලිවු ලියන තැනට වී එනව

ඒ ලියන තැනට යූ දාන්න ඕනෙ

ඒ අස්සෙ ප්‍රෙපොසිශන් , ආටිකල් කවදාවත් මම ලියන පිලිවලට සුද්දො ලියන්නෙ නෑ

මුන්ට බැරි උනා නෙ ලියපු එක ඒ විදියටම උච්චාරනය කරන්න

මට ඔය ඉන්ග්‍රීසි හදපු එකා හම්බුනානම්....පුප මහල බඩයන්න බෙහෙත් දෙනව...

ශිරාන් පුදුම උත්සහයක් දැරුව මෝඩ මට ඉන්ග්‍රීසි සුට්ටක් උගන්වන්න

අපි දෙන්න කතා කරද්දි ඉන්ග්‍රීසියෙන් විතරයි කතා කරන්න ඕනෙ සින්හලෙන් කතා කලොත් කතා කරන කෙනාට එදාට යවන්න බෑ....දිනන කෙනාට විතරයි ඇතුලට දාන්න පුලුවන්

ඒක මහ කූට සැලැස්මක්

සතියක්ම මට මුකුත්ම කරන්න උනේ නෑ...ඌ ඒකෙන් ප්‍රයෝජන අරගෙන මාව තදින් අපහරනයට ලක් කරා

අන්තිමේ මම කතා නොකර ඉන්න තීරනේ කරා

මොකද මට සින්හල වචන කියවෙන එක නවත්ත ගන්න බෑනෙ

ඒ අස්සෙ මට ඉන්ග්‍රීසියෙන් ඕප දුප කතා කරද්දි මෙලෝ රහක් නෑ...අමාරුවෙන් ගොත ගහග කියද්දි කියන ඕපදූපෙ රසත් නැතිව්3ලා එ3කත් ඉන්ග්‍රීසි පොතේ පාඩමක් වගේ වෙනව

ශිරාන්ට එපා වෙන්න ඇති ..නාකි එලදෙනෙක්ට පුනක්කු ටොන් එකක් කැවුම කිරි බින්දුවක් ලැබුන වගේ මට පැය ගානක් ඉන්ග්‍රීස් කියල දුන්නම යාන්තන් වචනයක් දෙකක් මතක හිටිනව

ඒත් අපේ මහන්සියෙ ප්‍රතිපල තිබුනෙ නෙතුවම නෙමෙයි

ශිරාන් එක්ක යාලුවෙන්න කලින් බැච් එකේ අන්තිම හරියෙ ඉදපු මම

case කේස්Where stories live. Discover now