ep 47

777 144 4
                                    

Ep 47

මම් හිතන් හිටියට අපිට කේස් එක බාරදීපු ක්ලයන්ට් වාමාන්ශික දේශපාලන ක්‍රීයාකාරියෙක් කියක ඇත්තටම මිනිහා මේකෙ අතර මැදියෙක් විතරයි

ඇත්තටම අපේ ක්ලයන්ට්ලා උනේ හොදට සල්ලි තියෙන ඖෂධ අපනයන ව්‍යපාරිකයො කීප දෙනෙක්

ඔක්කොම හොද සල්ලි කාරයො

මොනව උනත් රජය කරන මේ අසාධාරන වැඩේ නිසා එයාලටත් පාඩු වෙනවලු ගොඩක්

විශේශයෙන්ම මේ මිල ගනන් අත්තනෝ මත්කික විදියට වෙනස් කරාම

එයාල ලොකු ලාබ නෑ කියලා හිතලා සමහර බෙහෙත් වර්ග ගෙන්වන්නෙ නෑලු

රට තුල ඒ බෙහෙත් වල පොඩි හිගයක් එද්දි මෙන්න එක දවසින් ඒ බෙහෙතෙ ගාන තුන්ගුනේකින් වැඩි වෙලාලු

එයාල බේතෙ මිලවැඩී ලාබයි කියලා හිතල ගොඩක් ලන්කාවට ගෙනාපු ගමන්ම මිල හොදටම අඩු කරනවලු

මේ විදියට මිල උච්චාවචනය කරලා ආන්ඩුවට හිතවාදී ඖෂධ කම්පැනි එයාලගෙ තරග කාරයන්ව සම්පූර්නයෙන් නට්ටන් කරන්නලු හදන්නෙ

ශිරාන් මේක අහින්සක මිනිස්සු ගැන හිතලා බාර ගත්තට ඇත්තටම මේ බිස්නස් මන්ලට ඕනෙ එහාලගෙ වෙලදපොල ලාබෙ ආරක්ශා කරගන්න

ශිරාන් නම් කියුවෙ එහෙම හරි කමක් නෑ 

මේ අසාධාරන වැඩේට කවුරු හරි විරුද්ධ උනොත් ඒකෙ අවසාන වාසිය රටේ මිනිස්සුන්ට යන නිසා මේ වැඩේ බාර අරගෙන කරන එක හොදය්"

" මිස්ටර් ශිරාන් ...අපි ඔයාට මේ කේස් එක බාර දෙද්දිමමේකෙ තියෙන අදුරු පැත්ත ගැනත් කියන්න ඕනෙ

මේක නිසා ඔයාට අපිට කෙලින්ම දේශපාලන වගේම පාතාලෙනුත් තර්ජන එන්න පුලුවන්

ගොඩක් ලෝයර්ලා මේ කේස් එකට බෑ කියුවෙ ඒක නිසා

අපි හිතුවා ...මේක ගන්න ලෝයර් ට ලක්ශ 80ක් ගෙවන්න මුලින් 40යි කේස් එක දිනුවොත් ඉතිරි 40"

දේශපාලන තර්ජන ගැන කියද්දි ශිරාන් මම දිහා බැලුව මම එපා කියයිද කියන එක දැන් ගන්න 

මමත් හොදටම බය වෙලා එපා කියල එතැන ඩෙගාවක් නටලා ශිරාන් ව ඇශගෙන එන්න හැදුවෙ

case කේස්Where stories live. Discover now