කඳුළක අවසන

485 55 284
                                    

Author's pov

"මම....මම...මොකක්ද දැන් කරන්නේ? ජූන් ත්...තවම නෑ ......මම මොකක්ද කරන්නේ?"

රූහි කලබලෙන් කුස්සියට දිව්වා.අතට අහුවුන කොළයක නම්ජූන්ට පණිවිඩයක් තිබ්බ රූහි ඉක්මනින් ගෙදරින් පිටවෙලා වත්තට දිව්වා.

Ding dong............................

ගෙදර බෙල් එක ring වෙන්න ගත්තේ ඇවිල්ලා ඉන්න හැමෝම නොඉවසිල්ලෙන් දොර දිහා බලන් ඉදිද්දි.

Ding dong............................

ආයෙමත් බෙල් එක ගැහුවේ ඇවිත් හිටිය අයගේ නොඉවසිල්ල නිසා.

"ගෙදර කවුරුත් නැද්ද හ්‍යුන්ගී............" නොඉවසිල්ලෙන් බිමට කකුලෙන් තට්ටු කර කර හිටපු පිරිමි ළමයා එතන හිටපු වැඩිමල් කෙනාගෙන් ඇහුවා.

"ගෙදර ඉන්නවා කියලා කිව්වනේ....." ඒ කෙනත් ඔලුව කස කසා කිව්වා.

ඒ අතරේ wash එකක් දාගෙන ආපු නම්ජූන් එකදිගට ring වෙන එකට confuse වෙලා.

"රූ..........රූ....බබා.............බබා ඔයා කොහෙද?
රූ කවුද ආවේ කියලා............"නම්ජූන් කුස්සියට ගිහින් බලද්දි kitchen counter එක උඩ තිබුන note එක දැකලා හිනාවක් ගියා.

"මගේ හුරතලේ .............."

නම්ජූන් හිනාවෙවීම ගිහින් දොර ඇරියා.

"ඕ......ජින් හ්‍යුන්ග්................" නම්ජූන් දොර ඇරපු ගමන් කටපුරා හිනාවෙලා එලියේ හිටපු ජින්ව බදාගත්තා.

"බැහැපන් මිනිහෝ මගේ කරෙන්..........තෝ මොනවද කලේ මේ දොර නොඇර ?" ජින් නම්ජූන්වත් තල්ලු කරන් ගේ ඇතුලට යන ගමන් කිව්වේ

"යා..............හැකර හ්‍යුන්ග් මම ඇඟ සෝදන ගමන් හිටියේ වදේ....."නම්ජූන් මූන දෙක කරන් කියද්දි අනිත් හැමෝමත් හිනාවෙවී ඇතුලට ආවා.

ඒත් ජිමින් වගේම සමාරාගේ යුන්ගිගේ ඇස් වටේම දිව්වේ කෙනෙක්ව හොයන්න.

"නම්ජුන්,කෝ රූ?" බැරිම තැන සමාරා ඇහුවා

"හ්ම්....මල් ටිකක් කඩන් එන්නම් කියලා note එකක් තියලා එයා එලියට ගිහින්.

ඒත්............" නම්ජූන් ලොකු හුස්මක් පහල දාලා කියද්දි.

"ඒත් ඇත්ත හේතුව අපි ආපු නිසා එයා ගිහින්.අපිට පොරොන්දු වුනා වගේ." ජිමින් ඇස්වල කදුලු පුරවන් කියද්දි නම්ජූන් ජිමින්ව බදාගත්තා.

The Gift Of Love (Mr.perfect 2 After Marriage )Where stories live. Discover now