37

639 110 11
                                    

"මෙතනින් යමු... සස් ඉක්මනින්..." වනිශ් හිටි පිළිමයක් වගෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නකොට අරුන් ටික එහෙට මෙහෙට යනකොට විරාජ් මාව ඇදගෙන එළියටම ගියා. අපිව දැක්ක සකුනුත් එනකොට අපි කා එකට නැග්ගා.

"සකුන් අපි යමු."
"මොකක්ද වුනේ..." සකුන් විරාජ්ගෙන් ඇහුවා.

"පස්සෙ කියන්නම්..." කා එක ස්ටාර්ට් කරගෙන ඉක්මනින් අපි එතනින් අයින් වෙද්දී මට දාඩිය දානවා වගෙම අමුතු දුකක් වනීශ් ගැන ආවා. ඔක්කොම වෙලා තියෙන්නෙ මම නිසා කියන හැගීම මාව වෙව්ලන්නම රිදුනා. මගෙ ඇග පණ නැති කරා.

අපි සකුන්ගෙ ගෙදර ආවාට පස්සෙයි විරාජ් මට කතා කරා.

"සුදු..."
"ම්ම්ම්ම්...."
"වනීශ් පව්... ඌ ට මම කොච්චර කරත් බැන්නා. එත් අද ඒ අසරණකම මගෙ ඇස් ඉස්සරහා නොදකින්න මම ඌව තවත් වට්ටනවා."
"මට තේරෙනවා." මම කිව්වේ එච්චරයි

"අපි ත්‍රින්කෝ යමු. මේ ඔක්කොටම විසදුමක් හොයමු ගිහින්. හාද හොද කොල්ලා නෙ මගෙ..."
"බෑ..."
"ඇයි..."
"මම කොහොමද වනීශ්ව දාලා යන්නෙ. මට බැරිද අයියෙ එක පාරක් අත්මාර්ථකාමී වෙන්න.."
"සුදු..."
"ඇයි අයියෙ මට වනීශ්ව මගෙ කරගන්න බැරි."
"ඔයාගෙ මොනම තීරනේකට වුනත් මම ඔයත් එක්ක ඉන්නවා"
"ආදරෙයි..." මම විරාජ්ව බදාගත්තා. හැමෝම මාව වැරදි මිනිහෙක් කරයි. මට කමක් නෑ. එත් මම වනීශ්ව අත්තරින්නෙ නෑ... ඒ අදිටනින්ම මම වනිශ්ගෙ නම්බර් එක ඩයල් කරා.

"සුදූ... ඔයා කොහෙද? සුදූ... මට සමාවදෙන්න... මගෙ වැරැද්ද. සමාවදෙන්න..." වනීශ්ගෙ කටහඩ බිදිලා. මගෙ පපුවම ඇවිලුනා. මෙච්චර දුකක් මේ මිනිහා මම වෙනුවෙන් විදිද්දි මම දාලා ආවා. මගෙ ඇස් බොද වෙන තප්පරෙත් මම හිත හදාගත්තා.
"ඔයා කොහෙද ඉන්නෙ මම එන්නම්."

"අපේ ගෙදර. එන්නකො මට සීතලයි. මට බඩගිනි."
"මම එන්නම්..." මම ෆෝන් එක තියලා අයියා දිහා බැලුවාම එයා ඔව් කියන්න ඔලුව වැනුවා.

"මමත් යනවා අපෙ බෝඩිමට. මෙහෙ ඉන්න බෑනෙ..." මම සකුන් දිහා බැලුවෙ එවෙලේ. මෙච්චර වෙලා වුන දේවල් සකුන් බලන් ඉදලා තියෙන්නෙ...

"නෑ විරාජ් ඔයාට කැමති කාලයක් මෙහෙ ඉන්න. සස්වීක ඔයාව මම ගිහින් දාන්නද?"
"නෑ... මම කැබ් එකක යන්නම්.." මම සකුන් දිහා බලන්න හයියක් නෑ වගෙ එළියට එද්දී විරාජ් මගෙත් එක්කම ආවා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now