"දැන් කොහොමද, සනූ?"
"............"
"තාම අමාරුද?"
"............"
"උඹට කතකතාකරන්න අමාරුනම් ඔහොම ඇලවිලා අහගෙන හිටපංකෝ..."
"............"
"සනූ, උඹට මතකද මම කිව්වා අපේ ඉස්කෝලේ කොල්ලෙක්ගැන?
"............"
"අදිත කියල?"
"..........."
"මං කතාකරන්නේ ආදි කියල... ආදීව කොතන දැක්කත් ටාර්ගාල අඳුනගන්න පුළුවන් සනූ... කතාබහ කරනකල් හිතෙන්නම මරුමුස් කොල්ලෙක් කියලා... උඹලගේ ඉස්කෝලේ හිටියනම් ෆර්ස්ට් ෆිෆ්ටින් සෙල්ලම්කරන සයිස්... මිනිහට කේක් හදන්න පුළුවන් පට්ටෙටම... ආයේ ඇබ්බැහිවෙනවා එකක් කෑවොත්... කෝ ඉතින් උඹට කේක් වසනේ..."
"............"
"උඹ හොඳවෙලා හොස්පිටල්එකෙන් ගියාම දවසක ඌව හම්බෙන්නයං?"
"............"
"ඌ හෙනම ලැජ්ජාකාරයා... කතාබතානෑ.... මාඑක්ක කතාකරනවත් පුදුමයි."
"............"
"පව් කොල්ලා මාර චාටර්එකක් කන්නෙ ඉස්කෝලෙ උංගෙන්... මට තේරෙන්නේ නෑ ඌට කොහොමද හෙල්ප්එකක් දෙන්නේ කියල...."
=============================================
පළවෙනි කොටස.
- සයනංක ඇල්ලේපොළ -
තාත්තා කැමතියි. අම්මා අකමැතියි. මම නෙමෙයි මගේ තීරණේ හෙල්ලුවේ.
"ඉතිං තෝමස්එක කිට්ටුවෙන් පොඩියට ගෙයක් අරං එක්පීරියන්ස් නර්ස්කෙනෙක්ව තියන්න පුළුවන්නේ පැතුම්?" අම්මා තාත්තට ඒත්තුගන්වන්න හදනවා. "දැන් මෙච්චර කාලයක් තෝමස්ගිහිල්ලා එකපාරම මෙහෙ ඉස්කෝලෙටගනීද දන්නෙත්නෑ!"
"දවසගානේ වෑන්එකේ ඔච්චර දුරක් යනවාඑනවටවඩා ලඟ ඉස්කෝලෙට යනඑකනම් හොඳයි හැබැයි..."
තාත්තා එහෙම කියද්දී අම්මා මූණ දෙකකරගත්තා. "මේ මාස හතඅටට?" ඊලඟට රෑටබොන බෙහෙත්ටික මගේ අල්ලටදීලා රස්නේ වතුර කෝප්පේ ලන්කලේ වාදෙන් පරාජයබාරගත්ත විදිහට. "ඔයාලට ඕනිඑකක්..."
YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...