К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
මේ වෙද්දි හොසොක්ගේ ගෙදරට යුන්ගි ඇවිත් දැන් විනාඩි පහක්වත් ගතවෙලා නැහැ.
"ඔයා කෝපි බොනවද?? නැත්තම් ඔරේන්ජ් ජූස් එකක් හදලා දෙන්නද යුන්ගියා???"
කුස්සියේ ඉඳන් කෑගහන හොසොක්ගේ කටහඬ අහගෙනම යුන්ගි එයා එනමඟදි අරගත්තු පුංචි කැමරා පහ, හොසොක්ගේ ගෙදර සාලෙ පුරාම වගේම ගෙදර එන්ට්‍රන්ස් එක ළඟත් හයි කරන්න ගමනුයි හිටියේ.
"කෝපි හොඳයි----"
අතේ තිබුණු අන්තිම ඩෑශ් කැමරා එකත් සාලේ තිබුණු ටීවි ස්ටෑන්ඩ් එක උඩින් හයි කරපු යුන්ගි, අත් දෙකත් සාක්කුවට දාගෙනම ආයෙමත් එයා හයි කරපු ඩෑශ් කැම් එකින් එකට නිරීක්ෂණය කලා. මොකද එයා හොසොක්ව හම්බුවෙන්න ආවේ ජිමින්ට එයා කරපු දේවල් ගැන සාක්ෂි එකතු කරගන්න අදහසින් නිසා, කිසිම වැරද්දක් වෙන්න දෙන්න යුන්ගිට ඔින වුණේ නැහැ.
"නෑ-නෑ-නෑ බ්‍රෝ----"
ඒත් එකපාරටම කුස්සියේ ඉදන් සාලෙට ඇවිත් හිටපු හොසොක්ව දැක්කාව විතරයි යුන්ගි ගැස්සිලා ගියේ, එයා තමන් කරපු වැඩේ දකින්න ඇති කියලා හිතුණ නිසයි.
"ඔයා මේ දවස් තුන හතරටම උදේ-රෑ දෙකේම කෝපිම විතරයි බොන්න ඇත්තේ-- මං දන්නෙ නැද්ද ඉතින් ඔයා ගැන යුන්ගියා... ඒ නිසා මං ඔයාට හර්බල් ටී එකක් හදන්නම්.... ඇඟටත් හොඳයිනේ..."
අතේ තිබුණු පුංචි මග් එක ටවල් එකකින් තෙත මාත්තු කරන අතරේ හොසොක් ආයෙමත් කුස්සියට යන්න හැරුණා.
ඉතින් හොසොක් ආයෙමත් කුස්සියට ගියාට පස්සේ යුන්ගි එයා හයි කරපු හැම කැමරා එකකම රෙකෝඩින් එක ස්ටාට් කරලා ඉවරවෙලා, සාලෙ තිබුණ සෝෆා එකෙන් ඉඳගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුවයි.
ВЫ ЧИТАЕТЕ
Searching ‖ YoonMin X BTS [10]
Фанфикшнඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...
![Searching ‖ YoonMin X BTS [10]](https://img.wattpad.com/cover/315170649-64-k884620.jpg)