HIKIZ 20

1.5K 264 88
                                    

'' අපි ලොකු ගැන හොයනවා මදිද පොඩි අය්යේ ? '' චූටි ඊයේ රෑ කියපු සින් එක කෙයාන්ගේ ඔලුවට තාම වද දෙනවා.. ඇත්ත සහන්ස ඉන්නේ කොහේද කියන්නවත් එයාවත් චූටිවත් දන්නේ නැහැ.. අඩුම තරමේ සතීශ් වුනත් කෙයාන්ව මගඅරින්න අරන් කියලාමයි උට හිතෙන්නේ... මැසේජ් කළාත් වචනෙන් දෙකෙන් හැමදාම.. පිස්සු කෙලින සතීශ්ව හොයාගන්නවත් නෑ,.ඒ වෙනුවට දැන් ඉන්නේ වචන ෆිල්ට කරලා පාවිච්චි කරන සයිලන්ට් අල්ට්‍රා ප්‍රොමැක්ස් සතීශ් කෙනෙක්..

වෙලාවකට හිතෙනවා මේ ජීවිතේට වඩා පරණ ජිවිතේ ගොඩක් ලස්සනයි කියලා.. උදේට ඔෆිස් යනවා සහන්ස එක්ක.. ආයේ සහන්ස රෑ දොළහට එකට ඉවර වෙලා එනකං බලන් ඉන්නවා.. කන්න උනේ නැතොත් රෑට හතර දෙනා එක්ක ඇවිදින්න යනවා. කවුරුත් නැති වෙලාවට වැව රවුම බලන්න... ආයේ එයැයි සහන්සයි එකතු වෙලා චූටිගෙයි සතීශ්ගෙයි වලි විසදනවා.. දැන් ජිවිතේ ඒ කිසිම දෙයක් නෑ.. පිරිලා තියෙන්නේ පුංචි සශෙන්යගෙන් විතරයි.. සමහර විට දේවල් වෙනස් වෙන ඉක්මන කියන්නේ මේක වෙන්නැති..

අද දවසත් ඔහේ ෆිල්ම් දෙකක් බලලා කාලා දැම්මා.. කෙයාන්ට දැන් නැගිටලා වැඩක් කරන්න පුලුවන් තරමට හොදයි.. ඒත් කොහේද.. රෙස්ට් කරන්න කියලා මැරෙන්න හදනවා... සශෙන්ය බබා දොයි.. යුවනි ආන්ටි ඇවිත් එක්කන් ගියානේ.. ඒ වෙලාවට කෙයාන් කොහොමත් පැත්ත පළාතක යන්නේවත් නෑ.. එයාලාගේ ජිවිතේ එයාලාට විදින්න දෙන්න ඕන... දැන් මිනිහා කාමරේ අැද උඩ වැටිලා ෆෝන් එක උඩටයි පහළටයි රෝල් කරන එක තමයි  කරන්නේ... කම්මැලිකම උපරිමයි.. ආදිතුකාරයාත් නෑ අඩුම කය්යක් දාන්නවත්.. ගෙදර ඇහැරිලා ඉන්නේ අර අහරකුක්කීයි චූටියි විතරයි.. උන් දෙන්නා සෙට් වෙලා මොකක්ද ෆිල්ම් එකක් බලනවා.. දන්නැද්ද ඉතින් ඔය කෙල්ලො සෙට් උනාම.. මල කෝලං බෝල සබං.. හහ්..

මටමනේ මේම අගතියක් වෙන්නේ.. අය්යො අය්යො කෙයාන්.. මේ අදුරේ පාළුවේ සද තරු නිහඩයි.. ගහ කොළ නිසලයි.. සිතිවිලි විතරක් අවදිවෙලා... කෙයාන් ඇදේ අනිත්පැත්ත පෙරළුනේ කොට්ටේම බදාගන්න ගමන්... දැන් මිනිහාට හිතන්න දේවල් ගොඩයි.. උදාහරණ වශයෙන්.. සහන්ස අය්යා කොහේද ඉන්නේ.. සහන්ස අය්යා මොනවද කරන්නේ.. සහන්සයාගේ මරුමුස්ත කේන්තිය නිවිලා ද...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now