"ඇත්ත කියපං! උඹ කැමැතියිනේ මම ආදී කියලා කතාකරද්දී?"
"ඒමනෑ...."
"බොරු...." පසන් විලිස්සලා හිනාවුණා.
"ඔව් බොරුතමයි..."
"දෙයක් අහනද, බ්‍රෝ?"
"මොන?"
"ඇයි වෙන යාළුවෝ හදාගන්න ට්‍රයිකරන්නෙ නැත්තේ?"
"මන්දා... උන් කවදාවත් මාඑක්ක යාළුවෙන්න ට්‍රයිකරලනෑ...මම කතාකලත් විහිළුකරනවා විතරයි..."
"උඹ අඩුගානේ ගෙදරඉන්න ආච්චියි සීයයිඑක්කවත් හරියට කතාකරන්නෙනෑනෙ ආදී!"
"එයාලා බලනින්නේ මම ඒලෙවල්කරලා කොහෙටහරි වෙනකල්...! අනික උඹ අපේ ආච්චිඑක්ක ගණුදෙනුකරලා තියේද?"
පසන් හයියෙන් හිනාවුණා. "ඇත්ත ඇත්ත... කේක්හදන්නේ ඒකටද?"
"හ්ම්..."
"කොහෙදයන්නේ ඉතිං?"
"පුළුවන්තරම් ඈතකට..."
"දන්නවද බ්‍රෝ? මටත් පුලුවන්තරම් ඈතකටයන්න තියෙනවානම් හොඳයි කියල හිතෙනවා, අඩෝ අදී... කප්කේක් බඩගිනියි බං"
"යකාගේ බඩගින්නක්නේ ඒක..."
"හෙට හදලා ආච්චිගේ කඩේන් මට වෙන්කරලා තියාංකෝ..."
"මට බෑ..."
"අඩෝ මොනාද බ්‍රෝ...?!"
"............."
"හරි දැන් මම හෙටරෑට මැරුණා.... උඹට අනිද්දා මොනවා හිතෙයිද? අනේ පව්... අරූගේ අන්තිම කැමැත්ත ඉශ්ටකරගන්නවත් බැරිවුනානේ.... මම කොහොම යාලුවෙක්ද?" දෙව්පසන් රඟපානාවා. "බ්‍රෝ?!"
"ම්ට බෑ..."
"වැඩක් නෑ...."
==============================================
දෙවෙනි කොටස
-අදිත මුණසිංහ-
ආච්චී කඩේ සල්ලිදාන ගඩොල් බාගයක්විතර සයිස් යකඩපෙට්ටිය ඇරලාගත්තු විස්සෙ කොල... පනහේ කොල... කෑමමේසේ උඩ පේලියට තියාගෙන ගනිනවා. ඊටපස්සේ පැත්තක තියෙන කොටුරූල් පොතේ මොනවද කුරුටුගාලා ආයෙමත් ගනිනවා... පැයක්විතර ගැනලා ගණන්හදලා එකඑක සල්ලිකොල මිටියගානේ අතගාලා පෙට්ටියට දැම්මටපස්සේ තමයි ඔලුව කෙලින් කරගන්නේ.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...