"ඈ බං ආදී, උබට තියෙන එකම ආසාව ආච්චිලගේ ගෙදරින් පිටවෙලායන එකද?" දෙව්පසන් දතඅස්සේ ගහගෙනහිටිය ඉරටුකූර ඈතට විසිකලා.
"මන්දා... ආසාවකටවඩා ඉතිං, උවමනාවක්."
"වෙනමුකුත්ම නෑ?"
"ඇයි උඹට මොනාද තියෙන ආසාවල්?'
"මටත් ඉතිං ඒ ආසාවම තමයි, බ්‍රෝ..."
"ගෙදරින් පිටවෙන්න?"
"හ්ම්..."
"උඹට අම්මලාතාත්තලා ගෙදරින් යන්න කියලා පලනොකියා පලාබෙදන්නෙ නැහැනේ?"
පසන් හිනාවුනා. "එහෙමනම් නෑ... ඒත්- අනේමන්දා- ඒගොල්ලො කියන්නෙ සෙමනේරි යන්න කියලා..."
"ඉතිං නරකද? උබලගේ පල්ලියේනම් කසාදබඳින්න තහනමකුත් නෑනේ..."
"තාත්තලා ඒවත් ඔක්කොම ප්ලෑන්කරලා තියෙන්නේ... මට තියෙන්නෙ එයාලගෙ වැඩසටහන ක්‍රියාත්මක කරන්න විතරයි!" දෙව්පසන් හුස්මක් හෙලලා අත්දෙක බැඳගත්තා. "වෙලාවකට හිතෙනවා තාත්තලට බම්බුගහගන්න කියලා හොරෙක් මංකොල්ලකාරයෙක් වෙන්න.... එහෙමත් නැත්නම් ආගම මාරුකරන්න!"
දෙව්පසන් එහෙම කියලා හයියෙන් හිනාවුනා.
"හොරෙක් වෙන්නේ උඹට මොනා අඩුවෙලාද?"
"අඩුකමට නෙමෙයි ආදී... ආසාවට... කියපං බලන්න උඹ ආස එකමඑක දෙයක?!"
"ගෙදරින්-"
"යාලුවෙක් එක්ක කරන්න ආස එකමඑක දෙයක්?!"
"............"
"මුකුත්නෑ? වෙන්නබෑ!"
"සෙන් මිචෙල් සීට්එකට ගිහිං හවස්වෙනකල් ඉන්න ආසයි..."
"බෝරිං, ආදි.... බෝරිං!"
"බොරිං නං වෙන යාලුවෙක් හොයාගනික්ංකෝ!"
"බෑනේ ආදී... එතකොට මට බෝරිං යාලුවෙක්නැනෙ!"
==============================================
හතරවන කොටස
-අදිත මුණසිංහ -
මම හරි මෝඩයි.
දෙව්පසන්ට හිටිය එකම යාලුව මම නෙමෙයි.
YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...