"ඊයේ අම්මලත් එක්ක ආයෙමත් රණ්ඩුවුනා..."
"ඒමොකද?"
"දන්නෙනැද්ද... සෙමනේරි කතාවට! මම කිව්වා මට පාස්ටර්කෙනෙක් වෙන්නබෑ කියලා.."
"තාත්තා මොකද කිව්වේ?"
"දෙවියන්ගේ කැමැත්ත ඒක නෙමෙයි... මට දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉක්මනට දකින්න ලැබේවිකිව්වා." දෙව්පසන් අමුතුවිදිහට හිනාවුණා.
"මන්දා, පසන්... මට තේරෙන්නෙනෑ මොකක් කියන්නද කියලා..."
"අපි ආසාදේවල් ඔක්කොම ඒවිදිහටම කරන්න ලැබෙනවනම් කොච්චර ශෝක්ද, නේ සනූ?"
"කාටද එහෙම අවස්ථවක් ලැබිලා තියෙන්නෙ කියහං බලන්න..."
"ඇත්ත... ඇත්ත... සමහරවිට අපිට මේ ලිස්ට්එකවත් සම්පූර්ණකරගන්න බැරිවෙයි..."
"කොහොමද ඊටකලින් මගේ හාට්එක නතරවුනොත්?"
"නෑ... අඩේ! කොහොමද ඊටකලින් මම මැරුණොත්?!" දෙව්පසන් තුවක්කුවක්වගේ අඟිලිදෙකක් දික්කරගෙන නලලපැත්තකට තියලා වෙඩිතියාගන්නවා වගේ රඟපෑවා.
=====================================
පස්වන කොටස
-සයනංක ඇල්ලේපොළ-
ගොඩක් දේවල් කරාටපස්සේ තමයි මට හිතන්නේ එහෙම නොකරහිටියානම් හොඳයි කියලා.
ආදීට ලිව්ම යැව්වඑකත් ඒවගේ වැඩක්.
කරගන්නදෙයක් නැහැවගේ පේද්දි තදියමට අනුරාධ අයියගේ ඇඩ්වයිස්එකත් ඔලුවට අරෙගන කොහොමහරි පෙන්වන්න කියලා පසන්ගේ ලිස්ට්එක යැව්වනම් තමයි! පස්සේ හිතෙන්නගත්තා ඒවැඩේ ආදිගේ පුද්ගලිකත්වය ආක්‍රමනයකිරීමක්ද කියලත්... ඊගාවට, කොහොමද ඉස්කෝලේ වෙලාවෙදි පාඩුවේ ඉන්නනොදී පස්සෙන් එනවා මදිවට ඉස්කෝලෙන් එලියෙත් නිදහසේ ඉන්නදෙන්නෙ නැහැ කියලා මට බනින්න ගත්තොත්?
මම මගේ වැඩේ සාධාරණයකරගන්න හේතුහෙව්වා.
මම දන්නවා ආදී දෙව්පසන්ගේ අවසන් කැමැත්තස් කියවන්න බැහැ කියලා කිව්වේ දුක්බර මතකයන් අවදිකරන්න තියෙන අකමැත්තනිසා කියලත්. ඒත්- මම කීයටවත් හිතුවෙනෑ ආදී ස්පොර්ට්මීට්එක ඉවරවෙලා සතියක්ම ඉස්කෝලෙ එන්නේ නැතුව ඉඳීවී කියලා.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...