පසන්....?"
"ම්...."
"අදීගැන "තවටිකක් කියන්නකෝ...."
"මොනවද කියන්න ඕනේ උඹට?"
"මොනාහරි කමක්නෑ..."
==============================================
හයවන කොටස
අදිත මුණසිංහ
"කොල්ලා... සෙනසුරාදා ඉරිදා දවස්දෙකේදි නත්තල් කේක්කෑලි පනහක් හදහං... ඕඩර්එකක් ආවා." ආච්චි ඉඳගෙනහිටි තැන ඉඳලා මට ඇහෙන්න කිව්වා. "මේසතියේ නෙමෙයි ලබන සතියේ සඳුදට."
නත්තල්කේක් මැයි මාසේ? ඒ කටද?
මට එකටම මතක්වුනේ පසන්ගේ පල්ලියේ හැමොගෙම නත්තල්කේක් ඕඩර් හදපුහැටි. මම හදාගන්න බෑ කියද්දි පසන්ම ඒවා භාරඅරගෙන ගෙනාවේ මට උදව්කරන්නම් කියාගෙන. වචනේදුන්නාවගේම පසන් උදව්කලා... නැත්නම් ඒ ඕඩර් සෙට්එක වෙලාවටදාගන්න බැරිවෙන සයිස්. පොතට වැඩිපුරම සල්ලිවැටුනේ එතනින්.
"මේ පිරිවෙනකට දානයක්දෙන්න ලෑස්තිකරගෙන ඉන්න වගයක්... කපලා කේක්කෑලි ගෙනියනවට අරෙහෙම ලේසියිකියලා"
ශුවර්එකටම ඒ මනුස්සයෝ හිතලා නෙමෙයි. ආච්චිම කියන්න ඇති නත්තල්කේක් කෑලි ගෙනියනඑක ලේසියිකියලා. එයා හරිදක්ශයි මිනිස්සුන්ට සෙල්ස්කරන්න. ආච්චි එයාගේ සල්ලි පෙට්ටියවහලා මගේ පැත්තට හැරුනා. කොන්ඩගස් ආයෙමත් තඹපාටවීගෙන එනවා මම හිටගෙන ඉන්න තැනටත් පේනවා. ඒකියන්නෙ ආයෙමත් ලඟදිම සැලුන්එකටයාවි ඩයිකරගන්න.
"මෙහෙන්ගන්න පුළුවන් ඒවා මම ගෙනල්ලාදාන්නම්... ඉතිරිය උඹ සිකුරාදා හවස ටවුමටගිහිං අරගනිං... මම සල්ලිදෙන්නම්..."
"අක්කට කියලා හදවගන්න බැරිවෙයිද?"
"ඒකිට වැඩකිව්වා..."
අක්කට වැඩ නෙමෙයි. අක්කා හැදුවානම් කවදාවත් රුපියල් විස්සේ ලාබෙට ඔහොම වැඩක්කරන්නෙ නෑ... මම හැදුවට. එත්-මට කියන්න හිතුනා 'මට බෑ හදන්න ආච්චිට ඕනිනම් කාටහරි කියලා හදාගන්නඑකයි' කියන්න. මංහිතන්නෙ එහෙම කියන්න තරම් මගේ හිත ශක්තිමත් නැද්ද කොහේද...

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...