හත්වන කොටස
-සයනංක ඇල්ලේපොළ-
“හෙන හැපීඑකේ වගේ…” අනුරාධ අයියා එයාගේ නෝට්ටික බෑග්එකටදාගන්න ගමන් ඇහුවේ පන්ති ඉවරයි කියලා කියන්නත් කලින්.
“ඒමොකෝ එහෙම කිව්වේ?” මම ඉක්මනට මූන පිලිවෙලක්කරගත්තා.
සතුටින්ඉන්නේ කියලා පිටින් බලාගෙන ඉන්න අයටත් පේනවානම්…
අනේම්න්දා… එහෙම විශේශ සතුටකුත් නෙමෙයි. දෙව්පසන් නැතිවුනාට පස්සේ මට තිබුන ලොකුම බලාපොරොත්තුවවුනේ ආදීව මුනගැහෙනඑක. වචනයෙන් කියන්නබැරි දැඩිඋවමනාවක් හිතට දැනෙන්නගන්නකොට කොහොමද ඒ උවමනාව ඉශ්කරගන්නේ කියලා මම දහඅතේ කල්පනාකලා. ඊලඟට ප්‍රශ්නේ තිබුනේ ආදීඑක්ක කතාකිරිල්ල. මාව දැක්කානොදැක්කා ගානටයන කොල්ලෙක්එක්ක කොහොමද යාලුමිත්‍රකමක් ඇතිකරගන්නේ?
ඒදෙකමවුනට පස්සේ තමයි මට පසන් ආදීව ආශ්‍රයකරන්න හේතුව ටිකෙන්ටික පැහැදිලිවෙන්න ගත්තේ.
සද්දබද්දනැතුව හිටියට ආදීකියන්නේ තමන්ගේ යාලුවෙක්වෙනුවෙන් ඕනිමදෙයක් කරන්න සුදානම්, සයිලන්ස් පෙනුමටයටින් බොහොම ශක්තිමත් හිතක්තියෙන කොල්ලෙක්. ටිකක් ලංවෙලා කතාබහකලාම ආදීගේ බාහිරපෙනුමට හැංඟුණු දඟකාර චරිතයක් මතුවෙනහැටි මටත් දැනුනා.
කෙනෙක්ට ඒවගේ යාලුකමක් බොහොම නැවුම් අත්දැකීමක්.
“හරි හරි! මට දැනුයි මීටර්වුනේ… අර කලින් බැ කියපු කොල්ලට කොහොමහරි පෙන්නුවානේද?”
“හාහ්… හාහ්!” මම මූන රතුකරගත්තා. “පෙන්නුවා පෙන්නුවා-”
“ඒකනේ කිව්වේ! මොකො ඉතිං කිව්වේ පෙන්නුවට පස්සේ?”
“පෙන්නුව එක හොඳයි කිව්වා…” මගේ මුනේ විරිත්තලාවගේ හිනාවක්.
අනුරාධ අයියා ජයමංගල ගාථාවගේ සවුන්ඩ්එකක්දාගෙන මේසෙන් නැගිට්ටා. මම හිනාවෙන්නෙ මොකද කියලා බලන්න ගෙදර ඇවිල්ලා හිටිය සුදු ආච්චී ඉස්කෝප්පුවෙන් ඇතුලට ඔලුවදාලා බලනවා මම දැක්කා.
* * * * *
අදීට අපේ ගෙදර එන්න කියලා මම ආරාධනාකලාම සේරටමවඩා පුදුමහිතුනේ එයා යෝජනාවට කැමතිවුන එකයි. කීයටවත් හිතුවේ නෑ. මගේ පැත්තකින් ඇවිදගෙන ආපූ ආදී ටිකවෙලාවකට සද්දනැටුවආවා.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...