"මම අදත්බලාගෙන උඹගේ පංතියේ උන්ගේ වැඩ..."
"ම්හ්ම්... වැඩක්නෑ ඕගැන කතාකරලා දෙව්පසන්..."
"ඇයි උඹ උන්ට මුකුත් කියන්නෙ නැත්තේ?"
"මොනා කියන්නද?"
"බ්‍රෝ! විහිළුකරන එකේ සීමාවක් තියෙනවා කියාං!"
................."
"මම හිතන්නේ උඹ බයයිද කොහෙද?!"
"මොකටද?"
"ඇහුනද ආදී ප්‍රශ්නේ.. උඹ ඇහුදේ බයකාටද කියලා නෙමෙයි.... මොකටද කියල. උඹ බය විහිලුකරන උන්ට නෙමෙයි! උඹ බය විහිළුකරන උනව නවත්තගන්න බැරිවෙයිද කියලා!"
"පඬිටෝක්..."
"පඬි නෙමෙයි, බ්‍රෝ... දවසක් එකෙක්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තුකරපං! එක දවසක්!"
"ආච්චි බනියි ඉස්කෝලේ.ප්‍රශ්නදාගන්නවා කියල..."
"ආච්චිට හාල්ගරාගන්න කියපං!"
"උඹ කියන තරම් ඕවා ලේසිනෑ පසන්..."
"උඹ හිතන තරම් ඕම අමාරුත්නෑ, ආදී!"
==============================================
අදිත මුණසිංහ
දෙව්පසන් ඇරෙන්න වලියකට උනන්දුකරවන යාලුවෙක් ආයෙමත් කවදාවත් මුණගැහේවි කියල මම හිතුවේනෑ.
සනු දකින දකිනතැන මගෙන් අහන්නගත්ත "අදද වලිය? අදද වලිය...?" කියලා. ඒක කොච්චර අමනාපය දනවනදෙයක් වෙන්න පටන්ගත්තද කිව්වොත් සේරටම කලින් සනුට දෙන්න හිතුනා හොම්බ සමතලාවෙන්න!
ඊළඟට එහෙම නපුරු අදහසක් ඇතිවුනඑකගැන මමම පුදුමවුණා.
මම ඒවගේ දේවල් හිතන්න පටන්ගත්තේ කවදාඉඳන්ද? මම එහෙම වෙනස් වෙන්නගත්තේ කවදාඉඳන්ද? තව කෙනෙක්ගැන තියෙන බය නැතිවෙලා මට මංගැනම තිබුණු බය නැතිවෙන්න පටන්ගත්තේ කොයිකාලෙද?
අපි පසන්ගේ ලැයිස්තුවේ එක අංකයක් එක සතියක්ගානේ කරගෙනයන්න උත්සහකලේ අගෝස්තුමාසේ විභාගෙ ඉවරවෙන්න කලින් අන්තිම අංකේ අවසන්කරන අදහසින්. උත්සහය තිබුනේ නිවාඩුපාඩුවේ සැලසුම්කරලා හැමවැඩේම කරන්න. හදිස්සියක් නැතුව. සනූගේ සෞඛ්‍යතත්වයගැනත් හිතන්නවෙලාව අරගෙන.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...