"ඇයි අපි හිතන ප්‍රාර්ථනකරන අයවම අපිට ලැබෙනවානම්... එකට ජීවත්වෙන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද, නේ සනූ?"
"ඇයි උඹ එහෙම කියන්නේ?"
"එකෙක් ඉන්නවා... ඒත් කවදාවත් ඌ මටමයි කියලා ලඟතියාගන්න වෙන්නෙනෑ!"
"ඌ? උඹට ලිංගබේදෙ වැරදුනාද-?"
දෙව්පසන් මුනත්රතුකරගෙන කටකොණකින් හිනාවෙලා ඔලුව වැනුවා. "ඌ තමය..."
"අම්මටසිරි!"
"විහිලුකලොත් ආයේ ජීවීතේට උඹව බලන්න හොස්පිටල් එන්නෙනෑ!"
"ඉතිං මොකක්ද අවුල? අම්මලා නිසාද?"
"හ්ම්..."
"තාත්තලා උඹට සෙමනේරියන්න කියන්නනෙ... උඹේ ලයිෆ්එක සේරට ප්ලෑන්කරලා තියෙනවා කිව්වේ- මේනිසාද?"
කවදාවත් වචන නැතුව හිරනොවුනු පසන් හ්ම් නැතුව ඔලුව වැනුවා.
"ඉතිං... මොකක්ද උඹෙ ප්ලෑන්එක පසන්?"
"නෝ ප්ලෑන්... නෝ හෝප්...! ඉස්සරහට වෙච්ච දෙයක් වෙච්චදෙං කියලා බලාගෙනඉන්නවා." පසන් මවාගත්ත හිනාවකින් මුහුනපුරෝගත්තා. "උඹට මේවගේ ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? මං හිතන්නේ අංකල්ගෙන්වත් ඇන්ටිගෙන්වත් අවුලක් වවෙනඑකත් නෑ, නේ?"
"ඔව්... එයාලා මුකුත් කියනඑකක් නෑ..."
"වාසනාව සනූ වාසනාව!"
==============================================
නවවන කොටස
සයනංක ඇල්ලේපොළ
මම හිතුවත්වගේම ආදී පහුවෙනිදා ඉස්කෝලේයන වෙලාව පහුවීගෙන එද්දී අපේ ගෙදර දොරකඩ.
ඇවිත් ඉන්නේ දෙව්පසන්ගේ විස්තරේ දැනගන්න උවමනාවෙන්. එයා ඇඹරෙනහැටියෙන් කියතැහැකි. ආදී තවටිකක් එහෙම තෙම්පරාදුවෙචදෙන් කියලා මම හෙමින් හෙමින් හුස්මඅරගෙන සද්දනැතුව පුටුවටවෙලාහිටියා.
"ඇයි සනීපනැද්ද?"
"ටිකක්..."
ආදිගේ මුහුනුවර එකපාරම වෙනස්වුනා. "මම හිතුවා ඊයේ බොරුවට කිව්වා කියලා-"

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...