දහවන කොටස
අදිත මුණසිංහ
නාන්නගිය දවසට පස්සේ ඉඳලා සයනංකගේ වෙනසක් පේන්න පටන්ගත්ත. එයා වෙනදටවඩා කතාබහකරන්නයි හිනාවෙන්නයි ගත්තේ ඉස්කෝලේ ලමයි බලාගෙන ඉන්නවා කියලවත් ගනන්නොගෙන.
ඉස්කෝලේ ලමයි මුකුත් කියන්නආවා නෙමෙයි. අපෝනෑ... අසංකගේ වලියෙන්පස්සේ එකෙක් විහිලුකරන්න කොලබෝල ගහන්නආවේනෑ. මගේ ඉස්කෝලේ වෙලාව ගතවුනේ බොහොම පාඩුවෙන්.
"තමුසෙ කලින්ටවඩා වෙනස්..." එදා ඉස්කෝලේ ඇරිලා ඇවිදගෙන එනකොට මම කියනවත් එක්කම සනූ කටබෙරිකරගත්තා.
"හැමෝම කියනවා..."
"හැමෝම කියනවනම් ඇත්තක්ඇතිනේ..."
"මන්දා... හැපී. එච්චරයි."
මම ඉස්කෝලේ බෑග්එක ඇරලා පොතක් ඇතුලේ පරිස්සමෙන් තියාගෙනහිටි පසන්ගේ ලයිස්තුව අරගත්තා. හතරක් ඉවරයි... සාක්කුවෙන් පෑනක් අරං නාන්නයන්න ඕනි කියලා ලියලා තිබුනඑකත් කපලා කොලේ සනූදිහාට දික්කලා.
"සෙන්ට් මිචෙල් සීට්..." සනූ හුස්මක් හෙලුවා.
"ඇවිදින්න අමරුයිනේ එච්චර?" මම ඇහුවේ උත්තරේ දැනගෙනමයි.
"මම හිතන්නෙ ආදී... අපේ අම්මලට මේවැඩේ කියන්න වෙවිවගෙ..."
ඇත්ත. මගේ එකඟතාව පෙන්වන්න මම ඔලුව වැනුවා.
* * * * * * එකපාරකුත් සයනංකගේ අම්මලටහොරෙන් වැඩකරපු මට දෙවෙනි පාරකුත් එහෙම කරන්න හිතදුන්නේනෑ. අම්මලට කියන්න ඕනේ කියලා සනූ කියනකොට මම ඒ යෝජනාවට ඇත්තටම හිතයටින් සතුටුවුනා. 'හෙලුවෙන් නාන්නයනවාවගේ නෙමෙයි... සෙන්ට් මිචෙල් සීට්එකට යන්න ලේසිත් නෑ.
"ආදී නිසා....."
පසන් ලියලා තිබුනේ එහෙම.
සෙන්ට් මිචෙල් සීට්එකට යන්නම වාහනය්ක් ඕනේ වෙනවා. බදුල්ල බණ්ඩාවෙල පාරේ ටිකදුරක්‍යනකොට කේතුවක හැඩේගත්ත් කන්ද සංචාරකයන්ගේ එච්චරම අවධානයදිනාගත්ත තැනක්ම නෙමෙයි. ගොඩක්ම එතැනටගියේ ඉස්කෝලේ කොල්ලොකෙල්ලෝ... කන්ද මුදුන ස්වභාවිකවම පැතලි ගලක්. ප්‍රදානපාරෙ ඉඳල උඩටයනකල් කන්දවටේට රවුමට රවුමට පාර. මුලු කන්ද පුරාවටම පයින්ගසුයි තවත් විශාල ගස්වර්ගයි. උඩට ගිහිල්ල බැලුවම කිලෝමිටර්ගානක් ඈතට වටේම පේනවා. බලන්න ලස්සනයි... හරියට පුංචි සිරීපාදයක්වගේ.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...