එකොලොස්වන කොටස
සයනංක ඇල්ලේපොළ
ගෙදරයනකලුත් ආදි එච්චර කතබහකින් නෙමෙයිගියේ. අම්මටයි තාත්තටයි වෙනසක් පෙනිලද කොහේද කීපගමනක්ම පිටිපස්සේ කන්නඩියෙන් මාදිහාබලලා ඇහිබැම උඩටකරලා ඉඟිකලා. "මොකෝ අදිත සද්දනැත්තේ?" කියලා වචනෙන් ඇහුවේනෑ පුදුමයි.
අදිතගේ සිතුවිලිමට යන්තමින් තේරුම්ගන්න පුළුවන්.
එච්චරකාලයක් හොඳට තියාගෙනආපූ යළුකමත් නැතිකරගත්තද කියලා සැකයි. ඒත්... මම හෙට මැරෙයිද අද මැරෙයිදි කියලා දන්නෙනැහැ. ඉතිං හිතේ තියෙනදේ ආදිට කිව්වා කියල මොකක්ද තියෙන වැරැද්ද? මම කිව්වේ මට දැනෙනදේ... හිතකියන්නේ ආදිට ආදරෙයි කියලා. එච්චරයි! එහෙම වෙන්න පුළුවනිද කියලා මම ආයෙමත් කල්පනාකලා. ඊටප්ස්සෙයි මම තේරුම්ගත්තේ... මම අදිතට කැමැත්තක් ඇතිකරගෙන තිබුණේ එයාව හම්බවෙන්නත් කලින්. දෙව්පසන්ගේ කතන්දරවලින්.
සමහරවිට මම බලාපොරොත්තුවුනු ජීවිතය අදිතගේ ජීවිතයෙන් දැක්කාවෙන්නත් ඇති... අදිතව ආශ්‍රයකරන්න කරන්න එයාව තවත් හොඳින් මම තෙරුම්ගත්තා. එයතරම් උත්සහවන්ත... දිරිමත්කෙනෙක් මට හම්බුවෙලාම නැතිතරම්. ආදිගේ පසුබිම මටවඩා සම්පූර්නයෙන්ම වෙනස්. ඒත් එයා කොච්චර උත්සහකරනවද.. එයාගේ ජීවිතෙ වෙනස්කරගන්න? ඉස්සරහට යන්න... කීයක් ප්‍රශ්නත් එක්කද?
මම දන්නවා... ආදීට තියෙන්නේ එයා ආදරේකරනදේවල් නැතිවෙවිකියලා බයක්.
මම මැරුණත් සතුටින් කියලා කිව්වේ බොරුවට නෙමෙයි.
ඇත්තටම මගේ හිත ගොඩක් සතුටින්. අපි කිට්ටු උනාටපස්සේ මට දැනෙන්නගත්තෙ මම ආදිව මාස කිහිපයක තිස්සේ නෙමෙයි අවුරුදුගානක් තිස්සේ අශ්‍රයකරලා දන්නවාවගෙයි. ආදිගැන හිතේ ඇතිවුනු ආදරේඇතුලේ සහෝදර බැඳීමක් තියෙනවද කියලා දකින්න මම උත්සහකලා. නිකං... මම එයාට ආදරේ කරන්නෙ සහෝදරයෙක්ටවගේද දැනගන්න. ඒත්... සහෝදරයෙක්ව අල්ලලා බදාගෙන කිස්කරලා තුරුල්වෙලා නිදාගන්න කාටවත් හිතෙන්නේ නැහැනේ?
ගෙදර ලඟින් බස්සනකලුත් ආදී මුකුත් කිව්වෙ නැහැ.
එක්කෝ මගේ හිතරිදෙයි කියලා වෙන්නඇති. හැබැයි එහෙම නොකිය ඉදපුඑක මට ඊටත්වඩා දුකයි. වාහනේ නවත්තනවත් එක්කම අඩාඳුරේ මුදුලටාඅපු කඩේ ආච්චි කවුද ඉන්නේ කියලා එබිකම්කරනවා.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...