දොලොස්වන කොටස
අදිත මුණසිංහ
සනුව හොස්පිටල් ගෙනිච්චේ මගේ උවමනාවට. ඊටපහුවෙනිදා ගෙදරආවා කියලා දැනගෙනත් මම එයාව හම්බවෙන්න වෙන්නගියේ නැහැ.
අකමැත්තකටවඩා බයකට.
සනු අසනීපවුනේ මමනිසාද?
ඔය ප්‍රශ්නේ නිතරනිතර මගේ යටිහිතේ දෝංකාර දෙන්නගනිද්දි පුංචි වරදකාරී හැඟීමක් ආයෙමත් සැරයක් මට දැනෙන්නගත්තා. සනූ අසනීපවුනේ අනතුරු ඇඟවීමක්වගේ නම්? දෙව්පසන් නැතිවුණ මුල්කාලේදිත් එහෙමමයි. 'නැහැ කිව්වට මට කාටවත් ආදරේකරන්න බැරුවඇති...' මටහිතුනා. මේ කරුමක්කාර සාපෙන් ගැලවෙන්නේ කොහොමද... බැරිවෙයිද... එහෙමත්නැත්නම් ඊලඟට කවුරු මේකේ ගොදුරක්වේවිද කියලා හිතේ අප්‍රමාන බයක්.
බලාපොරොත්තුවුණේ නැතිවිදිහට සනුගෙ අම්මගෙන් කෝල්එකක්ආවෙ අන්න එතකොටයි. මම හිතාගෙන හිටපුහැටි කොච්චර වැරදිදකියලා එකමඑක දුරකතනයකින් මම තේරුම්ගත්තා.
"අපේ පුතා අහනවා එන්නේ නැත්තේ ඇයි කියලා..."
"එහෙමඑකක් නැහැ, ඇන්ටි..."
"එන්නෙ නැතුව ඉන්නේ අපේකෙනාගේ අසනීපේනිසා නෙමෙයිනේ? එදා එයාට ටිකක් මහන්සිවැඩිවෙලා තිබිලා තියෙන්නෙ... හරිද? ලොකු අමාරුවක්නැහැ."
"හරි ඇන්ටි..."
"ඉතිං?"
"ඉතිං?" මම ඇහුවා.
"ඉතින් කවද්ද පුතා බලන්න එන්නේ?"
සනුගෙ අම්මා අහනකොට මට උත්තරයක් නොදීඉන්න බැරිඋනා. ඊටපස්සෙ දවසෙම සනුක බලන්නයන්න මම තීරණයකළේ අන්න ඒනිසයි. එදා දෙව්පසන්ට හැදුවාවගේ ලස්සන කේක්එකක් හදන්න පටන්ගත්තා හවස් වරුවෙදිම. බේක්කරපු කේක්එක උදේ අයිසින්කරන්න ගන්නකොට මටත් නොදැනීම අතවෙව්ලන්න පටන්අරගෙන.
උපන්දිනේකටවගේ කේක්එකක් අයිසින්කරන්න ගත්තේ ගොඩකාලෙකට පස්සේ...
ඔව්... ඒ සනූගේ උපන්දිනේ නෙමෙයි.
ඒත් මම දැක්කේ සනුගේ ජීවිතය අලුතෙන් ආරම්භවුනාවගේ සිදුවීමක්.

YOU ARE READING
ඉතිං, මේ මගේ හිත...
Romanceඅදිතට ආදරේකරන... ලංවෙන... අදිතගැන හිතන හැමකෙනෙක්ම ඉක්මනින්ම මේ ලෝකෙන් නැතිවෙලා යනවා. මොකක්දො අවාසනාවකට දෙව්පසන් අදිතව විශ්වාසකළේ නෑ. බණ්ඩාරවෙල මීරහවත්තේ පොදු සොහොනේ දෙව්පසන්ව වලදානකොට ආයේ කිසිමකෙනෙක්ට ලංවෙන්නේනෑ... ආදරෙයි කියන්නෙනෑ... හිතවත්කම් ඇති...