ep 61

694 141 2
                                    

Ep 61

"සාශා අයියා....සාශා අයියා....මම දන්නෙ නෑ මේක ඔයාට නඩුවට වැදගත්ද කියලා

ඒත් ඒක අමුතුයි වගේ ...එක නිසා ඔයාට කියුවනම් හොදයි කියලා හිතුනා"

මමයි පවනුයි නිදාගෙන ඉදපු කාමරේ දොරට

ඒශියල් තඩි බානකොට උදේ 5යි

මොනව හරි කරදරයක් වෙලා ඇති කියල මමයි පවනුයි නිදි මරගාතෙම ඇද පොලු දෙකක් අරන් කාමරෙන් එලියට පැන්න්න"

"කෝ හොරා ...කෝ" ඇදපොල්ල උරුක් කරගෙන පවන් ඇහුවා

"".මොන හොරෙකද හලෝ ...හීනෙන් බය උනාද මම කියන්න ආවෙ වෙන වැදගත් දෙයක් ""

ඒශියල් කලබල උන පවන්ට බැනලා මාව මැද සාලෙ රවුම් මේසෙ ලගට එක්කගෙන ගියා

අපේ සද්දෙටද කොහෙද පැන්චිත් නැගිටල නයිටියට උඩින්න් හවුස් කෝට් එකක් දාගෙන අපි ඉන්න තැනට ආව

පැන්චිව නයිටිය පිටින් දැක්ක නිසාද මන්දා පවන් හෙන පැනි ලුක් එකක් දාගෙන පැන්චි දිහා බලන් හිටියා

ඒවෙලාවෙම පැන්චිගෙ ආච්චි ට්‍රේ එකක තියල අපිට උදේ තේ එක ගෙනාව

"මට ඊයෙ රෑ නින්ද ගියේ නෑ

අපි කතා කරපුව ඉස්සර උන දේවල් ඔක්කොම මැවිලා පේනව

මම නොදැන හියියට මම මොනතරම් නරක මිනිස්සු මැද්දෙ ජීවත් උනේ කියල හිතද්දි මට පිස්සු වැටෙනව

ඒක නිසා මම වෙන වැඩ වලට හිත හෙදෙවුව

අදින්න ඇදුමක් වත් ගෙනාවෙ නැති නිසා

මම ඇදුම්ගන්න ඔන්ලයින් ශොපින් කරා

කෙලීෆෙල්ටර් එකේ ලස්ස්න ගවුමක් දැකලා මම ඒක රිසර්වූ කරා

ඔයාලගෙන් එඩ්‍රස් එකක් අහගෙන එතැනට ඕඩර් එක දන්න 

මෙහෙට දැම්මොත් කාට හරි අහුවෙයිනෙ""

ඒශියල් කෙලිෆෙල්ටර් ඇදුම් අපිට පෙන්න පෙන්න කියුව

" ශැක් අපේ නින්දත් කෑව

ඔය බම්බු ඇදුමක් පෙන්නනද මෙච්චර උදෙන් නැගිට්ටුවෙ"

පවන් ඈනුම් ඇර ඇර බැන්නා

case කේස්Where stories live. Discover now