Ep 64

883 132 1
                                    

Ep 64

අපි දෙන්නට කතා කරන්නවත් උනේ නෑ හරියට 

වැඩ ගොඩයි

ශිරාන් ප්‍රයිවට් හොස්පිටල් එකකට කතා කරලා ඒකෙ ඇම්බියුලන්ස් එකක් ගෙන්නල අම්මව කොලබ ප්‍රධාන හොස්පිටල් එකකට යැවුවා

අම්මගෙ තනියට සීත නැන්දවත් දාව්ස් ගානක රෙදි පෙරෙදි එක්කම යැවුවා

අපි දෙන්න ඒ හොස්පිටල් එකත් එක්ක කිසිම සම්බන්දයක් තියානොගෙන ඉන්නයි කතා කරගත්තෙ 

මොකද මම හරි ශිරාන් හරි අම්ම ඉන්න ඉස්පිරිතාලෙට යන එන එක බලවර්ධනට ඉව වැටුනොත් ඒක අම්මගෙ ජීවිතේට තර්ජනයක් වෙයි කියල අපි බය උනා

කොහොම උනත් හරි හමන් වෙදකමට අම්මව ඉස්පිරිතාලෙකට යවන්න පුලුවන් උන එක මගෙ හිතට සතුටක්

කැලුම්ගෙ සල්ලි අරන් කැලුම්ගෙ අම්මව හොද හොස්පිටල් එකකට යවලා එයාව බලන්න ගියත් මට අපේ අම්මට එහෙම සලකන්න විදියක් තිබුහෙ නෑ මගෙ ලග සල්ලි නොතිබුන නිසා

කැලුම් ගෙ සල්ලි අරන් අපේ අම්මට වෙදකම් කරන්න හිතුනෙ නෑ ඒක ඒ මිනිස්සු අමාරුවෙ වැටුන වෙලාවෙ එයාලට කරන වන්චාවක් වෙයි කියල හිතුන නිසා

දැන් නම් වියදම් කරන්නෙ ශිරාන්ගෙ සල්ලි එයගෙ කැමැත්තෙන් නෙ

ඒක නිසා ඒක මගෙ හිතට අස්වැසිලක් උනා

අම්මගෙ හොස්පිටල් ගෙනියන බෑග් එක හදලා

තිබුන ඇදුම් ටික අයන් කරලා

අම්මවත් නාවලා අන්දවලා 

සීතා නැන්දවත් සූදාන්ම් කරගනිද්දිම වගේ ඇම්බියුලන්ස් එක ආව

කාලෙකට පස්සෙ අම්ම මම ශිරාන් එකට ඉන්න ලැබුන දවසෙම හොස්පියල් යන්න උන එක ගැන අම්මට දුකයි ගොඩක්

ඒත් අම්ම මේ වෙලාවෙ තනියෙම ගෙදර තියන්න බයයි

බලවර්ධනගෙ දඩ බල්ලො මාව හොයන්න හැම තැනම ඉව අල්ලනව

තවටික දාව්සකින් උන් මගේ ගේ හොයන් මෙහෙ එන්න පුලුවන්

ඒක නිසාම අම්මව වැඩි ආරක්ශාවක් තියෙන හොස්පිටල් එකක රහසිගතව ඉන්න එක හොදයි

case කේස්Where stories live. Discover now