ep 72

702 131 1
                                    

Ep 72

ඊලට සතියම අපි හතර දෙනාම (මම ශිරාන් පැන්චී පවන්) නියම ලෝයර්ස්ලා වගේ වැඩ ගොඩක් කරා

ඒක එක අතකින් හරිම සන්වේදී මගෙයි ශිරාන්ගෙයි ජීවිත විනාශ උන කතන්දර ආයෙ ආයෙ උඩට අරන් සිද්ද උන දේවල් සාක්ශි අනුව තේරුම්ගන්න උත්සහ කරන එක

සමහර දාට රෑට අපි දෙන්නම නිදාගන්න ගිහින් බදාගෙන අඩනව

ඒ නරුමය අපේ තාත්තල මැරුවෙ නැත්තම් අපේ ජීවිත අපේ අම්මල මීට වඩා කොයිතරම් සතුටෙන් ඉදීවිද කියල හිතනව

තවත් වෙලාවකට මේ කේස් එකට වැඩ කරන එක කැම්පස් එකේ ගෲප් එසයින්මට් එකක් කරනව වගේ

සමහර තැන් වල අපි හොදම ලෝ පොයින්ට් එක හොයාගන්න හතර දෙනාම තර්ක කරා

එහෙම නඩුව හදන එක හොදයි

තනි මොලේකින් හදනවට වඩා මොල හතරකින් හිතල හදන කොට අපිට අනික් පැත්තෙන් මොනතරම් හොද ලෝයර් කෙනෙක් ආවත් බය නැතුව අපේ කතාව නඩුකාරයට හිතට වදින්න ඔප්පු කරන්න පුලුවන්

සමහර විට නඩුව මහේස්ත්‍රාත් අධිකරනයෙන් නවතින එකක් නෑ

බලවර්ධන පහල උසාවියෙන් පැරදුනත් අභියාචානාධිකරනයට හරි ශ්‍රේශ්ඨාධිකරනෙට හරි මේක ගෙනියන්න උත්සහ කරයි

කමක් නෑ කොහොම උනත් අපි හැම ලෙවල් එකකට ම හරියන විදියට නඩුව හැදුවම ඕනෙදේකට මූනදෙන්න පුලුවන්

"මේක සන්වේදී මිනීමැරුම් කීපයක්ම සම්බන්ද නිසා මහේස්ත්‍රාත් තනියෙම නඩුව අහන එකක් නෑ ජූරියක් එපොයින්ට් කරයි

එහෙම උනොත් අපි න්‍යයාත්මක කරුනු උඩම විතරක් තර්කකරල වැඩක් නෑ 

ජූරියෙ ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු එයාලට බර නීති කරුනු තේරෙන්නෙ නැති නිසා නඩුව ඇතුලෙ සන්වේදී බව තියෙන්න ඕනෙ

එයාලට මුල ඉදලම දැනෙන්න දෙන්න ඕනෙ හලවර්ධ්හනය කපටි මිනීමරුවෙක් බව

උන්ගෙ ලෝයරුත් ඒජටම උත්සහ කරයි

එයාල මේක බලවර්ධනගෙ කීර්තිනාමය විනාශ කරන්න 

එයාගෙ හතුරො හදපු බොරු කතාවක් කියල කියයි"

ශිරාන් අපිට වෙන්න පුලුවන් දේවල් පැහැදිලි කරා

case කේස්Where stories live. Discover now