ep 80

736 132 6
                                    

Ep 80

කූඨ් ලේඛන හදල ආදේශක පෙන්නල ශිරාන්ට අයත් දේපල කොල්ල කෑම පිලිබද චෝදනවා

ඒකනම් ලොකුවට මහන්සිවෙන්න ඕනි උනේ නෑ

ශිරාන්ගෙ දේපල බාරව හිටිය පෙරීමේසන් නීතීක්නසමාගමේ නියෝජිතයො ඔන්ලයින් සම්බන්දවෙලා ඉද්දි

ශිරාන් විස්තර කරා බලවර්ධනගෙන් ජීවිතේ බේරගන්න සැගවිලා හිටිය හැටි

එයා මේ කිසිම දෙයක් දන්නෙ නැති බව ප්‍රකාශ කරා

"ස්වාමීනි බලවර්ධන උත්සහකරේ ශිරාන්ව මරලා එයාගෙ දේපල නීතීක්න මන්ඩලය රවට්ටල තමන්ට පවර ගන්න

ඒකට ඉත්තෙක් විදියට ඔහු කැලුම් ඒකියන්නෙ ශිරාන්ගෙ නිවුන් සහෝදරය පාවිච්චිකරා

කැලුම්ගෙ විශේශත්වය ඔහු ශිරාන්ගෙ සර්ව සම නිවුන්නු...හරිම අමාරුයි දෙන්නව වෙන් කරල අදුන ගන්න අපි කැලුම්ගෙන් අහමු කොහොමද ඒකට එයාව බලවර්ධන පොලබවා ගත්තෙ කියන එක"

කැලුම් විස්තර කරා එයාව අරගෙන ඇවිත් 

බලවර්ධන හොද ඇදුම් අනදවල එයාට උසස් පැලැන්තියෙ හැසිරෙන්න පුරුදුකරපු හැටි

ශිරාන්ගෙ හොර අත්සන පුරුදු කරපු හැටි

පෙරීමේසන් නියෝජිතයො ලන්කාවට ආව දාවසෙ ඉන්ග්‍රීසි කතා කරන්න බැරුව කට ඇරියොත් ඔවුන්ට හොරේ අහුවෙන නිස උගුර වන වෙලා කතා කරගන්න බෑවගේ රගපාපු හැටි

උගුර වන උන බව ඔප්පු කරන්න බොරුවට මෙඩිකල් රිපෝට් ගත්තු හැටි විස්තර කරා

කැලුම් කියුවා ඉන්ග්‍රීසි කියවන්න ලියන්න දන්නෙ නැති එයාට එතැන කතා උන කිසි දෙයක් තේරුනේ නෑ

බලවර්ධන එයාගෙ ජොබ් එකේ කොටසක් විදියට රගපාන්න කියුව ඒ විදියටම කරාකියල 

"ඔබ දැන් මම දන්නෙ නෑ කියල හොද මිනිහ වෙන්න යනවද?

ඔක්කොම වැරදි බලවර්ධනගෙ පිටම පටවන්න යනවද?

මේ තරම් දෙයක් වෙනකන් ...ඔබ කරන්නෙ හොරකමට දායක වෙන එක කියලවත් තේරෙන්නෙ නැති තොත්ත බබෙක් ද ඔබ "

ජයබාහු කතා නොකර ඉදල ඉදල...කැලුම්ගෙ ඇගට කඩා පැන්න

මේ ජයබාහුගෙ සාමාන්‍ය ක්‍රමය 

case කේස්Where stories live. Discover now