01

2.6K 316 110
                                    

'දාපන් මිනිහෝ ඕක රින්ග් එකට!' මගේ මුවින් මටත් හොරා පිට වූයේ දරාගත නොහැකි හැඟීමක ප්‍රතිඵලය වශයෙනි.

අවසානයේ දිනාල් ‌පැසිපන්දුව දැල තුළින් දමද්දී පැසිපන්දු පිටියේ කොණක හිඳගෙන සිටි ගැහැනු ළමුන් සියලු දෙනා යටි ගිරියෙන් ඔරලවසන් දුන්නහ. ඔවුන් සිටියේ අධික සතුටෙනි. දිනාල් ඇඟිලි තුඩු වලින් කොණ්ඩය සකසමින් කෙල්ලන් දෙස බැලූයේ සරාගී බැල්මක් යැයි කිව හැකි බැල්මකින්ද යුතුවයි. 

'අමෝ අමෝ මල්සරා!' මම දෑත මුවට තබා හූවක් තැබුවෙමි. 

දිනාල් මට රවමින් ඔහුගේ වතුර බෝතලය තිබූ තැනට ගිය අතර ගැහැනු ළමුන් ඔවුන්ගේ ‌පුහුණු තරඟය සඳහා පැසිපන්දු පිටියට පැමිණියහ. 

මම මිනුක තිසේන් පෙරේරා යන නමින් හැඳින්වුණු තැනැත්තා විය. මගේ දිනපොතේ අවසාන පිටුවේ මා විසින් මා ගැන ලියා තිබූ වාක්‍ය කිහිපය මෙලෙස විය. 


'මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ?

ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන හිටපු ‌කොල්ලෙක්.

අම්මා තාත්තා එක්ක ඩිවෝස් වෙලා දැන් අවුරුදු පහළවක් වුණත් මගේ දෙවනි තාත්තා මට කිසි අඩුවක් ‌නොකර මාව හොඳට බලාගත්තා.

ඒත් සේරම එක පාරට වෙනස් වුණේ...'


එතැනින් පසු සිදු වූ සියල්ල මම මගේ වචනයෙන් පවසන්නට සූදානම් වීමට පෙර සියල්ල ආරම්භ වූ ආකාරය පැවසීමටයි මේ සූදානම.

ඒ අඟහරුවාදා දිනයේ පැසිපන්දු පුහුණුවීම් අවසාන වූ පසු සවස හතට පමණ මම මගේ පියා එනතෙක් පාසලේ ගේට්ටුව අසල කල් මරන්නට වූයෙමි. ඔහු මගේම පියා නොවූ නමුත් වසර දහහතරක් පුරාවට ඔහු මට සැලකුවේ ඔහුගේ පුතෙකුට විලසය. අවුරුදු දහඅටක් වුවත් මම තවමත් ඔහු පැමිණෙන තෙක් පාසලේ ගේට්ටුව අසලට වී බලා සිටින්නට පුරුදුව සිටියෙමි. මන්ද යත් නිවසට යන සෑම වතාවකම ඔහු මට ‌කන්නට මොනවා හෝ අරන් දීම කළ බැවිනි. 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now